කැස්බෑව පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් (VIDEO)

කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ට අමානුෂික ලෙස පහරදී මරණීය තර්ජන කළ බවට තරුණයකු විසින් ඊයේ (23) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

පසුගිය 17 වනදා අළුයම පොලිස් ජීප් රථයකින් පැමිණි කැස්බෑව පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන්ව අහේතුවක අත් අඩංගුවට ගෙන පාළු ස්ථානයට රැගෙන ගොස් දෙඅත් බැඳ පහරදුන් අතර තමන්ගේ බිරිඳ ද රාත්‍රිය එළිවනතුරු පොලිස් ස්ථානයේ තබාගෙන ඉතා නින්දිත ලෙස වාචිකව හිංසනයට ලක් කළ බවටයි ඔහු පැමිණිලි කර ඇත්තේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...