මීදුම් සහ වැසි – අද (24) දවසේ කාලගුණ තත්වය

Date:

අද (24) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසිද ඇති විය හැක.

බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...