වසර 48 ක් ලංකාවට බැරි වූ දේ,ඇෆ්ගනිස්තානය පකිස්තානයට සිඳු කරයි

Date:

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වසර 48 ක කාලයක් පුරා කළ නොහැකි වූ දේ ඊයේ සිඳු කරන්නට ඇෆ්ගනිස්තානයට හැකි වුණා.ඒ පකිස්තානය පරාජය කිරිමයි.1975 සිට පැවත්වෙන ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව මෙන්ම පකිස්තානය ද සූරතාවය දිනා තිබෙනවා.එහෙත් තරගාවලි ඉතිහාසය ගත් විට පකිස්තානය ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වී නැහැ.ලෝක කුසලාන තරගාවලියෙන් භාහිරව ගත් විට ශ්‍රී ලංකාව පකිස්තානය පරාජය කර ඇති අවස්ථා විශාල ප්‍රමාණයක් තිබුණත් ලෝක කුසලාන තරගාවලියේදි තවමත් එවැනි අවස්ථාවක් උදා කර ගන්නට ශ්‍රි ලංකාවට නොහැකි වුව ද,ඊයේ ශ්‍රී ලංකාවට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලාබාල ඇෆ්ගනිස්තානය පකිස්තානය පරාජය කරන්නට සමත් වුණා.

ලකුණු 282 ක් අසීරු ඉලක්කයක් පහසුවෙන් හඹා යමින් ඇෆ්ගනිස්තානය මේ සිදු කරන්නට සමත් වුණා.පන්දු ඕවර් 49 ක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 286 ක් ලකුණු පූවරුවේ සටහන් කර ගනිමින් ඇෆ්ගනිස්තානය මේ ඓතිහාසික ජය සහතික කර ගත්තා.

මේ ජයග්‍රහණයට පදනම වැටුණෙ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන්.රහ්මදුල්ලා ගුර්බාස් (65) සහ ඉබ්‍රාහිම් ෂර්දාන් (87) පළමු කඩුල්ලට ලකුණු 130 ක් එකතු කළා.විශේෂයෙන් ෂර්දාන් කඩුල්ල ලකුණු 190 වන තෙක්ම රැකගෙන දෙවන කඩුල්ලටත් ලකුණු 60 ක සබඳතාවයකට දායක වෙමින් තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට පහසු කරා.

තරගාවලිය ඉන්දියාවේ තිබීම ආසියාතික රටවලට පහසුවක් වේ යැයි බොහෝ විචාරකයින් විශ්වාස කළත් දැනට තිබෙන තත්ත්වය අනුව අංක එකට සිටින සත්කාරක ඉන්දියාව හැරෙන්නට අන් රටවලට අත් වී ඇති සුගතියක් පෙනෙන්නට නැහැ.ඒ අතරින ශ්‍රී ලංකාව නව වන තැන සිටින අතර වත්මන් ලෝක සූරයක් වන එංගලන්තය සිටින්නේ ශ්‍රී ලංකාවට පහළින් අවසන් ස්ථානයේයී.

ආසියානු රටවල් මුල් කණ්ඩායම් හතරෙන් පසුව එක පෙළට සිටින අතර ඒ අතර ඉදිරියෙන්ස පකිස්තානය පස්වන තැනත්,ඇෆ්ගනිස්තානය හයවන තැනත්,බංගලාදේශය හත්වන තැනත් සිටිනවා.ඉන්දියාවට පිටුපසින් පිළිවෙලින් දෙවන,තෙවන සහ සිව්වන තැන දරන්නේ නවසීලන්තය,දකුණු අප්‍රිකාන සහ ඕස්ට්‍රේලියාවයි.

තරග,ජයග්‍රහණ,පරාජ සහ හිමි ලකුණු දැක්වෙන සටහනට පහතින් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/afghanistan-vs-pakistan-22nd-match-1384413/points-table-standings

ඊයේ ඇෆ්ගනිස්තානය ජයග්‍රහණව කළ තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/afghanistan-vs-pakistan-22nd-match-1384413/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...