Britney ගේ හඬ ලෝකයට ගෙන යන “The Woman In Me” !

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Britney සිය ජීවිත කාලය පුරාම ජීවිතයේ කඩඉම් පරීක්ෂාවට හා උපහාසයට ලක් වූවාය. මාධ්‍යක් ඉදිරියට ගියත් හැම මාධ්‍යවේදියෙක්ම ඇගෙන් ඇහුවේ ඇගේ ලිංගික ජීවිතය පිළිබඳවයි. වැඩිහිටියෙකු ලෙස ඇය ගතකළ ජීවිතය සංරක්‍ෂක පාලනයක් යටතේ සිරගත කරන ලද අතර එමඟින් ඇයගේ මූලික මානව අයිතිවාසිකම් කිහිපයක් එහිදී අහිමි විය. හරියට රැපුන්සල් උස කුළුණක හිරකරලා බාහිර ලෝකය සමඟ අප්ඩේට් වෙන්න දුන්නේ නෑ වගේ මනසින් හිරවුණු ජීවිතයක් කීවොත් මා නිවැරදිය.

අවුරුදු 13ක් තිස්සේ ඇයට අනුමැතියකින් තොරව තම පුතුන් දෙදෙනා දැකීමට නොහැකි විය. ඇයගේ රියදුරු බලපත්‍රය රාජසන්තක විය. අඩුම බඩට වැටෙන අහරක් තෝරා ගැනීමට ද ඇයට නොහැකි වූ අතර තේ හෝ කෝපි පානය කිරීම ද තහනම් විය. ඇගේ පියා විසින් අධීක්‍ෂණය කරන ලද එම උසාවියෙන් පනවන ලද නියෝගය වසර දෙකකට පෙර ඉවත් කරන ලද අතර ඉන්පසු Britney ට නැවත ඇයගේම තීරණ ගත හැකි බව තීන්දු කරන ලදී.

මේ ගැරහීම් හැපීම් සමඟ Britney ගෙන ගිය ජීවිතය අද ඇයට ලෝකයට හඬ නඟා කීමට අවස්ථාවක් ඇවිත්… ඒ පොතක් විදිහට හරි ලස්සනට..

“The Woman In Me”

-The Woman in Me is a brave and astonishingly moving story about freedom, fame, motherhood, survival, faith, and hope. –

“The Woman In Me” ඇයගේ ජීවිතයේ සාරාංශයක් ලෙස ඇය අප සමඟ බෙදා ගත්ත ද එහි සතුටුදායක අවසානයක් නොවේ.

2021 ජුනි මාසයේදී බ්‍රිට්නි ස්පියර්ස් විවෘත උසාවියේ කතා කරන විට මුළු ලෝකයම ඇයට සවන් දුනි. ඇගේ සත්‍යය ප්‍රතික්ෂේප කළ නොහැකි වූ අතර, එය ඇගේ ජීවිතයේ ගමන් මග සහ ගණන් කළ නොහැකි තවත් අයගේ ජීවිත වෙනස් කිරීමට ද තුඩු දුන් හේතුවක් විය. The Woman in Me ඇගේ ඇදහිය නොහැකි ගමන ප්‍රථම වරට හෙළි කිරීමේ මූලාරම්භයයි.

පොප් සංගීත ඉතිහාසයේ විශිෂ්ටතම ශිල්පිනියෙකුගේ හරයේ ඇති ශක්තිය, අවංකකම හා හාස්‍යයෙන් ලියා ඇති Britney ගේ පෙරළිකාර පොත සංගීතයේ සහ ආදරයේ බලය ලෝකයට විදහා පෑමට සමත්කම් දක්වනු ඇත.

ගැහැණියක් අවසානයේ ඇගේම කතාව පැවසීමේ වැදගත්කම පෙන්වා දෙමින් “The Woman In Me” 2023 ඔක්තෝබර් 23 එනම් අද දින ඔබ අතට පිරිනැමේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...