*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

DSI සැම්සන් පවුලේ අවුල යළි අධිකරණය හමුවට!

කොළඹ LNW:DSI සැම්සන් සමූහය ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සජිත රාජපක්ෂ විසින් ගොණු කර ඇති නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබේ.

කොළඹ වාණිජ්‍ය මහාධිකරණය පසුගිය 09 වැනිදා ඊට අදාළ නියෝගය ලබා දී තිබිණ.

DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි එම නඩුව පවරා ඇත.

අදාළ අධ්‍යක්ෂවරු විසින් DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝග කර තිබුණි.

සමාගම් ලේකම්වරිය වන අරුණි ද සිල්වා විසින් සෙසු අධ්‍යක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව, තමා කළමනාකාර අධ්‍යක්ෂ ධූර හා අධ්‍යක්ෂ ධූර දරන ආයතනවල පැවැත්මට නෛතික බාධාවක් වන අයුරින් හා තමාට බාධාවන ආකාරයට කටයුතු කරමින් හිතා මතා රාජකාරි පැහැර හැර ඇති බවද මේ නඩුව ගොනුකරමින් සජිත රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වා ඇත.

බොරැල්ල හරස් පාරේ සිය නිවසකට ජුනි 22 අලුයම ටී 56 ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට සජිත රාජපක්ෂව සහ යුධ හමුදාවෙන් පැනගිය සෙබළකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර ඒ අතරතුර කාලයේදී තමා අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට එම අධ්‍යක්ෂවරු කුමන්ත්‍රණය කරමින් කටයුතු කර ඇති බවත් සජිත රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබේ.

මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන DSI සැම්සන් පවුල් සමාගමේ අධ්‍යක්ෂවරු අතර ගැටුම් මතුවූයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු විසින් අදාළ සමාගමේ කොටස් සහ ලාභාංශ පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කරගැනීමට ඉදිරිපත් කරන ලද යෝජනාවක් සමඟ වන අත්තර හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා එම යෝජනාව DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මුල් සතියේදීය.

මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණ වන අතර ඉන් ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසිනි.

හදිස්සියේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් කෙරුණු සජිත රාජපක්ෂ, එම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ එක් පුත්‍රයකු වන අතර අදාළ සමාගම් ජාලයේ වැඩිම විදෙස් විනිමය ගෙන එන සමාගම වන ”සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම” මෙහයවනු ලබන්නේ ඔහු විසින් බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

අපනයන වෙළෙඳපොළ සඳහා DSI ටයර් නිෂ්පාදනය සිදුකරනු ලබන ප්‍රධාන සමාගමක් වන්නේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම වන අතර එය ලොව අතිනවීන තාක්ෂණය යොදාගන්නා ඉහළ එකතුකල අගයක් ඇති සුවිශේෂී වූ නිෂ්පාදන සිදුකරන අති නවීන කර්මාන්ත ශාලාවකි.

සජිත් රාජපක්ෂ මෙහෙයවනු ලබන සමාගම් DSI සමූහ ව්‍යාපාරයේ සමාගම්වලින් අඩුම ණය බරක් සහිත, ඉහළම ආයතනික බදු ගෙවන සමාගම් ලෙස සැලැකෙන අතරම එම ආයතන ජාලයේ රැකියා අවස්ථා දහස් ගණනක් ලබා දෙන මූලික සමාගමක් ද වේ.

වසර 2019-2022 පාස්කු ප්‍රහාරය හා කොරෝනා තත්ත්වයන් පැවැති කාලයේදී පවා මෙරට ඉහලම ආදායම් ලැබූ ආයතන ලෙස සැලැකෙන ආයතන අතර ද සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් අතර මුල් පෙළ වූ සමාගම් දෙකක් ලෙසයි දැක්වෙන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan