මල් කැකුළක් තනිවෙයි ! දෙමාපියන් සඳහටම යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෘදුකාංග ඉංජිනේරුවරු ලෙස මැලේසියාවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකික යුවළක්, මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ඉතා කණගාටුදායක අයුරින් මියගොස් ඇත.

සති අන්තයේ තම දරුවා සමඟ නිවසින් පිටතට විත් ආහාර පානද රැගෙන දරුවා සමඟ විනෝද වී පසුව නිවසට එමින් සිටියදී නමැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි සිය නිවස ආසන්නයේදී, ඔවුන් පැදවූ මෝටර් රථයේ වෙනත් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තාවෙයි.

අනෙක් රථයේ සිටි පුද්ගලයා බීමතින් සිට ඇතැයි පවුලේ සාමාජිකයන් පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ කුඩා දියණියද රථයේ සිට ඇති අතර ඇයට හානියක් සිදුව නොමැති අතර මියගොස් ඇති කාන්තාව 33 හැවිරිදි වියේ සහ ඇයගේ සැමියා 35 හැවිරිදි වියේ පසුවි ඇතැයි සඳහන්.

ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වීමට නියමිතව ඇති අතර කිසිවකුගේ නොසලකිලිමත් කම නිසා නිමේසයකින් තවත් මල් කකුළකට තම ආදරණීයයන් සදහටම අහිමිව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...