තරුශිගෙන් ව වාර්තාවක් පාසල් කෙළි උළෙලේ දෙවන දින නිමා වන විට වාර්තා හතක්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ දෙවන දිනය නිමා වන විට තරග වාර්තා අඩංගු පොතේ හත් පොළක් සංශෝධනය කරන්නට සිදු වී තිබෙනවා.ඉන් අවස්ථා හයක්ම උදා වුණේ අද දවස තුළයි.අද උදා වූ අවස්ථා හයෙන් එක් අවස්ථාවක් උදා කර ගත්තේ මේ මොහොත වන විට ආසියාවම දෑස් දල්වා බලා සිටින තරුශි කරුණාරත්නයි.ඇය මීටර් 400 අවුරුදු 20 න් පහළ ඉසව්ව තත්පර 53.21 ක් වූ වාර්තාගත කාලයකින් නිමා කරන්නට සමත් වුණා.

දෙවන දිනයේ පිහිට වූ සෙසු වාර්තා අතර කැපී පෙණුනම වාර්තාව බවට පත් වුණේ ආසියානු කණිෂ්ඨ තුන් පිම්ම පදක්කම්ලාභි මලිත් යසිරු දුර පැනීමේ ඉසව්වෙන් අභිබවා යමින් පොළොන්නරුව ගල්අමුණ විද්‍යාලයේ කේ.සී කරුණාරත්න මීටර් 7.52 ක් දුරක් පනිමින් තැබූ වාර්තාවයි.

දෙවන දිනයේ පිහිට වූ සෙසු වාර්තා පහත දැක්වෙනවා.

තෙවිදු සන්දිල් – ශාන්ත පීතර විද්‍යාලය කොළඹ – බාලක අවුරුදු 18 ක් පහළ දුර පැනීම- මීටර් 7.27
දිල්කි දෙව්මිණි කරුණාරත්න – විශාකා විද්‍යාලය කොළඹ – බාලිකා අවුරුදු 14 න් පහළ යගුලිය දැමීම – මීටර් 11.47
ධනංජනා ප්‍රනාන්දු – වත්තල ලයිසියම් විද්‍යාලය – බාලිකා අවුරුදු 16 න් පහළ මීටර් 100 – තත්පර 12.62
දිලිනි නෙත්සලා රාජපක්ෂ – වත්තල ලයිසියම් විද්‍යාලය – අවුරුදු 14 න් පහළ දුර පැනීම – මීටර් 5.66

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...