*
Friday, October 25, 2024
spot_img

Latest Posts

පැරදුනාට,දිනන්න හදන්න පුළුවන්.

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 25, (LNW) කොළඹ:දකුණු ආසියානු කාන්තා පාපන්දු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවන්ට කාලෙකට පස්සෙ ලැබුණු අත්දැකීමක්.නිතර භාවිතාවන් යාවත්කාලීන නොවීම විශාල ගැටළුවක්.මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණෙ ධන ලකුණු පිරුණු පරාජයන්.ඔවුන් මොහොතින් මොහොත තරග ඇතුළෙ තම සැළසුම් වෙනස් කළ යුතු බව ඉගෙන ගත්තා.ඒත් ඒවා ගලපගන්න හරියටම ඉගෙන නැතුව ඔවුන් මොහොතට ගලපාගන්න උත්සාහ කරන බව දැණුනා.

තරගාවලියට සහභාගි වුණ කණ්ඩායම හොඳම කණ්ඩායමද කියන අදහස ප්‍රශ්නකාරියි.ඒ සම්බන්ධ විවේචන තිබුණත් මේ සහභාගි වූ කණ්ඩායම නරකම කණ්ඩායම නොවන බව විශ්වාසයි.ඔවුන් නේපාලයට එරෙහිව තරගයේදි දෙවන භාගය තමන්ගේ දැණුමෙන් ප්‍රයෝජනයට ගත් ආකාරය අපූරුයි.පළමු අර්ධයේදී නේපාලය ලබා ගත් ගෝල 4 ට දෙවන භාගයේදී ශ්‍රී ලංකා දැල අසළම ගැවසිලත් නේපාලයට ගෝල ලබා ගන්නට දුන්නේ දෙකක් පමණයි.ගෝල ලබා ගැනීමේ අවස්ථා විශාල ප්‍රමාණයක් ආවත් ශ්‍රී ලංකාව ඒ සියල්ල ව්‍යර්ථ කරන්නට ගෝල රකින්නිය වන යොහානි වීරසිංහ සහ ආරක්ෂක පෙළ ප්‍රමුඛව සියලු කණ්ඩායම මැදිහත්ව සිදු කළා.

ලකුණු 6-0 ක් වූ ජය ඊට වඩා පළල් ජයක් නොවුණේ ශ්‍රී ලංකාව දෙවන භාගයේ දී නේපාලය ලකුණු රැස් කිරීම නැවත්වීම එකම අරමුණ ලෙස ගෙන ක්‍රියා කළ නිසයි.සමහර විට ඔවුන්ට අපට යම් ආකාරයකට නේපාල දැල සීමාව ආක්‍රමණය කිරිමටත් හැකියි යන විශ්වාසය තිබුණානම් ශ්‍රී ලංකාව ඉදිරියේ ද ගෝල කිහිපයක් හෝ එකක්වත් සටහන් වන්නත් තිබුණා.

පළමු තරග දෙකේදී තිබුණ පන්දුව නිවැරදිව හුවමාරු කිරීමේ ගුණාංගය නේපාල ආක්‍රමණය සමඟ ඔවුන්ගේ ප්‍රබලත්වය ඉදිරියේ තමන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ඇති වූ හීනමානයෙන් දිය වී ගොස් තිබුණා.බොහෝ විට නේපාලය පන්දුය ශ්‍රී ලංකා දැලට ගෙන ඒම නැවත්වීම හැර,නේපාල දැල දෙසට ආක්‍රමණික වේශයෙන් පන්දුව රැඟෙන යාමේ උවමනාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණේම නැති ගාණට පත් ව තිබුණා.

මේ තත්ත්වය ඇති වන්නේ දුර්වලතාවයක් නිසාම පමණක් නොවන අත්දැකීම්වල ඌනතාවයක් නිසා බවත් පැහැදිළියි.විශේෂයෙන් ලංකාවේ ක්‍රීඩාවන් ගැහුණු – පිරිමි ලෙස බෙදන අතරේම ඒ ලිංගික අනන්‍යතාවය අනුව පහසුකම් බෙදී යාම ද සිද්ධ වෙනවා.සමාජ ආකර්ශණය ද අඩු වැඩි වෙන්නේ ලිංගිකත්වය අනුවයි.මෑත කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ රාමුවෙන් පිටතට ඇවිත් වැඩි අවස්ථාවන්,වැඩි පහසුකම් දෙමින් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සඳහා ඇති කරපු ආකර්ශණය හොඳ උදාහරණයක්.ජයග්‍රහණ වගේම සමාජ ආකර්ශණය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත බනින මට්ටමට ඉහළට එසැවුණා.
එහෙත් නේපාලය සමඟ පැවති තරගයේ දී මේ තත්ත්වය එරට කාන්තා පාපන්දු ක්‍රීඩාව පැත්තෙන් නොමැති බව පැහැදිළි වුණා.ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයට ක්‍රීඩාංගණය පිරී ගොස් තිබුණා.සමහර විට ඒ අපේ කියන නේපාලමය හැඟීම විසින් ඇති කරන ලද එකක් වන්නටත් පුළුවන්.එහෙත් ලංකාවේ ජාතික හැඟීමට පිට්ටනියට තරග නරඹන්න එන හැඟීම උද්දීපනය වන්නෙත් කාන්තා – සහ පිරිමි ලෙස බෙදා වෙන් කර ගැනීමෙන් ඉනික්බිතිවයි.

ඒ නිසා පරාජයේ තිත්ත බඳුන මේ පරාජිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තනිව පානය කරන්න නොදෙන්න.අප රටක් හැටියට පසුගාමීව තිබෙන ආකල්පමය දුප්පත්කමත්,කාන්තාවන්ට දෙවන පංතියේ පුරවැසියන් ලෙස සැළකීමත් මේ පරාජයටම බද්ධ වී තිබෙන බව අප තේරුම් ගත යුතුය.එහෙත් ඒ වපසරිය ඇතුළේ වැදගත් සළකුණක් ලෙස අනාගතයට දැණුමෙන් ආයෝජනය කළ හැකි සරසවි ක්‍රීඩිකාවන් කිහි දෙනෙකුම මෙම කණ්ඩායම සතුව සිටීම ගැන සතුටු විය හැකිය.ඉදිරියේ දී ක්‍රීඩාමය කුසලතාවය පමණක් නොව පරිපාලනමය වශයෙන් ද පාපන්දු සමග සම්බන්ධ විය හැකි කාන්තාවන් පිරිසක් මතු වෙමින් තිබීමත් සාධනීය තත්ත්වයකි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ඉන්දියාව බංගලාදේශය ඉදිරියේ පරාජය වීම සහ ගෝල ලබා ගැනීමේ පිපාසාවෙන් සේ ක්‍රීඩා කරන නේපාල ක්‍රීඩිකාවන්ට ගෝල ලබා නොදෙන්නට භූතානය කටයුතු කිරීමත් වැදගත්ය.ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දී පරාජය ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වුවත්,මීට වඩා තරග අත්දැකීම් එක්ව තිබුණේ නම් පරාජයේ වර්ගපලයනම් මීට වඩා බොහෝ සෙයින් කුඩා කර ගන්නා බව පැහැදිළිය.ඒ නිසා නැවතත් සටහන් කරන්නට වන්නේ රටක් හැටියට කාන්තාව දෙවන මට්ටමේ පුරවැසියෙකු ලෙස සළකා අවස්ථා අඩු කිරීමේ සිටම ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩාවට ලැබෙන ඉඩ කඩ සීමිත වීම මේ පරාජයේ පදනම හැටියට ගතහොත්,ලංකාවේ කෙල්ලො දිනන මට්ටමට හදන්න පුළුවන් යන්න අපේ විශ්වාසයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan