දිස්ත්‍රික්ක දෙකක තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

අද (25) දින , ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව කියා සිටී.

පසුගිය 23වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටවා තිබුණු අතර, මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේය.

ලබන 30 වනදාට පෙර තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා,

“2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමේ කටයුතු සිදු වුණේ පසුගිය 23 වනදා, අධිකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් තාවකාලිකව අත්හිටුවා තිබුණා. මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම්දීම මත අද දිනයේ එම කටයුතු නැවත ආරම්භ කරනවා.  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ සිදු කෙරෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...