ජනාධිපති ධුරයට පත්වී ‘තත්පර දෙකක් ඇතුළත’ විශේෂ නීතීඥ ජැක් ස්මිත් ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කරන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරනය ජයග්‍රහණය කරන්නේ නම් ධුරයට පත්වී තත්පර දෙකක් ඇතුළත විශේෂ නීතීඥ ජැක් ස්මිත් වහාම සේවයෙන් පහ කිරීමට නියෝග කරන බව ප්‍රකශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව ඊයේ(24)දිනයේදී හියු හෙවිට් සමඟ කරන ලද සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශ කර තිබු අතර ට්‍රම්ප් පසුගිය වසරේ ෆ්ලොරිඩාවේ හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ මාර්-ඒ-ලාගෝ සමාජ ශාලාවේ සහ වොෂිංටනයේ දී රහසිගත ලේඛන රඳවා තබා ගැනීම හා 2020 ජනාධිපතිවරණය පෙරලා දැමීමට උත්සහ කිරීම යන චෝදනාවන් මත විශේෂ නීතීඥ ජැක් ස්මිත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරා ඇත.

විශේෂ නීතීඥවරයකු සේවයෙන් පහ කිරීමේ බලය විධිමත් ලෙස පවතින්නේ නීතිපතිවරයා වෙත වන නමුත්, විභාග වෙමින් පවතින අපරාධ නඩු දෙක අධිකරණ දෙපාර්තමේන්තුව ඉවත් කර ගැනීමට එකඟ වන පක්ෂපාතී පුද්ගලයෙකු නීතිපති ලෙස පත් කිරීමේ ඔහුගේ අභිප්‍රාය ට්‍රම්ප් සඟවා නැත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කමලා හැරිස් මැතිවරණ ව්‍යාපාරය ප්‍රකශ කර තිබුණේ,ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශවලින් පෙනී යන්නේ ඔහු නීතියට ඉහළින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...