බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේදී රිය අනතුරකින් දුරකථන කණු රැසකට හානි!

0
245

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

කාපට් තලන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරලීමෙන් බණ්ඩාරගම, අටලුගම මාරාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

කාපට් තලන යන්ත්‍රයේ ඉහළ කොටස මාර්ගය හරහා ඇද තිබෙන දුරකථන රැහැන්වල ගැටීමත් සමඟ දුරකථන කණු හා රැහැන් කැඩී මාර්ගය හරහා වැටී ඇති අතර, එම අවස්ථාවේ පැමිණෙමින් තිබූ යතුරුපැදියක් එම රැහැන්වල පැටලි අනතුරට ලක්වීමෙන් පැදිකරු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ.

එම ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ සිදුකරන බවටද තොරතුරු වාර්තා වේ.