බ්‍රික්ස්+ සංවාදයට චීන ජනපති එක්වෙයි!

Date:

කොළඹ LNW: චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු නායකයෝ බ්‍රික්ස්+ නායකයන්ගේ සංවාදයට එක් වුණා.

ඒ ඊයේ(24) රුසියාවේ Kazan ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ය. ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් ගෝලීය දකුණේ බලවේග එක්රැස් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් දේශනයක් සිදු කර තිබෙනවා.

සාමය තහවුරු කිරීමෙන් පොදු ආරක්ෂාව ඉටු කිරීම, සංවර්ධනය ඔස්සේ විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කිරීම, පොදු ශිෂ්ටාචාරයන් නිර්මාණය කිරීමෙන් විවිධත්වයෙන් යුත් සමගිය ‍ගොඩනැගීම පිළිබඳව ඔහු එහිදි අවධාරණය කළා.

ගෝලීය දකුණේ රටවල් ඒකාබද්ධව නවීකරණයට පිවිසීම ලෝක ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් වන අතර, මානව ශිෂ්ටාචාර ක්‍රියාවලියේ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් බව ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සෑම විටම ගෝලීය දකුණ පිළිබඳව සැලකිලිමත් වන බවත්, බ්‍රික්ස් ව්‍යාපාරයට එක් වෙමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය ගෝලීය දකුණේ රටවලට සහාය දෙන බවත් ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් අඩබ් වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...