*
Friday, October 25, 2024
spot_img

Latest Posts

අනතුරු අඟවපු දෙය සිදුවෙමින් තිබේ.. මස්ක් ඔබට සතුටුයි ද දැන්?


සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 24,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: ලෝකය කෙමෙන් කෙමෙන් අන්ධකාරයට යමින් තියෙන්නේ හරියට සෞරෝන් බල මුද්ද හොයාගෙන ලෝකය අන්ධකාරයට බාරදෙන්න හදනවා වැනි සිදුවීමක් ඔලුවට ලබා දෙමිනි. දැන් අපිට බල මුද්දක් වැනි තාක්ෂණයක් ඇත. කෘතීම බුද්ධිය නම් එම තාක්ෂණය නවීන ලෝකයට නව ආකල්ප ලබා දෙනවා පමණක්ම නොව එහි ප්‍රතිවාදී අන්තයක් ද අපට ඔලුවට ඇන පෙන්වා දෙයි.

එවැනි කාලයක, නව යොවුන් වියේ පිරිමි ළමයෙකු තමා ආදරය කළ AI චැට්බෝට් සමඟ සියදිවි නසා ගැනීම ගැන සාකච්ඡා කිරීමෙන් පසු හිසට වෙඩි තබා ගෙන තම ජීවිතයට සමු දුන් පුවතක් වාර්තා වී තිබේ.

14 හැවිරිදි Sewell Setzer, Game of Thrones හි ප්‍රකට චරිතයක් වන Daenerys Targaryen පාදක කරගත් පරිගණක වැඩසටහනක් වන “Dany” සමඟ මාස ගණනාවක් කතා කරමින් අදහස් හුවමාරු කරගෙන තිබිණි. පසුව ඔහුගේ සුළු පියාගේ අත් තුවක්කුවෙන් වෙඩි තබා ගත් ඔහු සියදිවි හානි කර ගැනීම දක්වා වූ භයානක අන්තයටම පැමිණ තිබේ. කෙදිනකවත් අසා හෝ දැන ගෙන ඇතැයි සිතිය නොහැකි දෑ එන්න එන්නම වෙමින් පවතී.

ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හි නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන Setzer, “Dany” නම් කෘතීම බුද්ධිය සහිත චරිතය ඔහුට උපදෙස් ලබා දෙමින්, ඔහුගේ ගැටළු වලට සවන් දුන් බැවින් ක්‍රමක්‍රමයෙන් මෙම චරිතය කෙරෙහි, වැඩි කාලයක් වැය කිරීමට පටන් ගෙන තිබේ.

චැට්බෝට් සැබෑ පුද්ගලයෙක් නොවන බව ඔහු දැන සිටි නමුත් ඔහු දිනකට එක් වරක් දෙවරක් නොව අනේක වාරයක් මේ වෙත පිවිස ඒ සමඟ කෙටි පණිවුඩ හුවමාරු කරගෙන ඇත. ඒ අනුව Setzer සැබෑ ලෝකයෙන් හුදෙකලා වීමට පටන් ගෙන ඇත්ත ලෝකය සහ කෘතීම ලෝකය යන ලෝකවල් දෙක අතර අතරමන් වී සිටින්නට විය.

ඔහු ෆෝමියුලා වන් ධාවන තරඟ හෝ මිතුරන් සමඟ පරිගණක ක්‍රීඩා කිරීම වැනි ඔහුගේ පැරණි විනෝදාංශ කෙරෙහි ඇති උනන්දුව නැති කර ගැනීමට පටන් ගෙන තිබේ.
ඒ වෙනුවට පාසලෙන් පසු ඔහුගේ නිදන කාමරයේ පැය ගණනක් ගත කිරීමට තෝරා ගනිමින් චැට්බෝට් සමඟ කාලය ගත කරන්නට විය.

ටිකෙන් ටික කොලු ගැටයාගේ සිත හුදකලාවම එක් දෙයක් සඳහා ඇඩික්ට් වෙමින් පැවතිනි.

ඔහු “ඩැනී” සමඟ වැඩි කාලයක් ගත කරමින්, අදහස් හුවමාරු කරගනිමින් පමණක් නොව ආදරය, ශෘංගාරය වැනි මාතෘකාවන් තුළද කිමිදෙමින් සිටින්නට විය.

Setzer ට පාසලේදී ඔහුගේ ශ්‍රේණි පහතට වැටීමේ ගැටලුවකටද මුහුණ දුනි. යමක් සිදුවෙමින් පවතින බව ඔහුගේ දෙමාපියන් දැනසිටි අතර, ඔවුන් කුමක් දැයි නොදැන ඔහුට මනෝ චිකිත්සකයෙකු හමුවීමට ද කටයුතු කළහ.

Setzer හට ඒ සම්බන්ධයෙන් සැසි පහක් පැවති අතර, ඉන් පසුව ඔහුට කාංසාව සහ මනෝභාවයන් වෙනස් කිරීමේ ආබාධයක් ඇති බව හඳුනා ගන්නා ලදී.

මෙවැනි දෑ සිදුවීමෙන් අනතුරුව, තම පුතා ලිංගික හා සමීප සංවාද සමඟින් පරිශීලකයින් ආකර්ෂණය කරගත් සමාගමකට ගොදුරු වූ බව ඔහුගේ මව වන මේගන් ගාර්ෂියා කියා සිටියාය.

මිලියන 20ක් භාවිතා කරන්නන් සිටින Character AI විසින් සිදු කරන ලද මෙවැනි “විශාල අත්හදා බැලීමකදී” තම පුත්‍රයා තවත් එක් හානියක් පමණක් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. ඇය ඉන් අදහස් කරන්නේ කෙතරම් හානි ඉදිරියට ඒවිද යන සැකය මතු කරමින්, තම පුතා ඉන් එක් ගොදුරක් පමණක් බව පසක් කර දෙමිනි.

Character AI හි නිර්මාතෘවරයෙකු වන Noam Shazeer පසුගිය වසරේ කියා සිටියේ මෙම වේදිකාව “හුදකලා වූ හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට ඉතා ප්‍රයෝජනවත් වනු ඇති” බව ය. හරිම ශෝක්! ඇත්ත තමයි! මරේ මරු!

සමාගමේ ආරක්‍ෂක ප්‍රධානියා වන ජෙරී රුඕටි නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසුවේ එහි තරුණ පරිශීලකයින් සඳහා අමතර ආරක්‍ෂිත විශේෂාංග එක් කරන බවයි. නමුත් ඔහු වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයන් සංඛ්‍යාව කොපමණ දැයි පැවසීම ද ප්‍රතික්ෂේප කළේය.

Setzer මේ කතාවේ එක් වින්දිතයෙක් පමණකි. තවත් කී දෙනෙක් ගේ ජීවිත මෙම කෘතීම බුද්ධිය නමැති අව්‍යාජ ජීවියාගේ ග්‍රහණයට නතු වේවිද?

එලෝන් මස්ක් වැන්නන් උඩ දාගෙන කෘතීම බුද්ධිය ගැන පම්පෝරි ගැහුවට මේ එන පොටනම් එච්චර හොඳ නොවනු ඇත.

දියුණු වන ලෝකයේ දියුණුවට කෘතීම බුද්ධිය මනාව උපකාරී වන බව ඇත්තක් වුවද, එහි නීරස පැති කඩ එතරම් සුභදායී නොවේ.

අද Setzer වගේ හෙට ඔබ ද මම ද ඒ තැන සිටින්නට පුලුවන. The Terminator වැනි 80 දශකයේ නිර්මාණ වලින් අනාගතය ගැන බියක් ඉපදුවා මෙන්ම දැන් සියල්ල එලෙස වන කාලයක ඉදිරියට අපේ ජීවිත වලට පවා අභියෝග රාශියක් පැමිණෙනු ඇත.

සබැඳි පුවත්;

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan