සීශේල්ස් සහ උගන්ඩාවේ හංගලා තියෙන සල්ලි ගෙනල්ලා ජීවන බර සැහැල්ලු කරන්න – පොහොට්ටුව ආණ්ඩුවට කියයි

Date:

කොළඹ LNW:ඉතා ඉක්මණින් සීශේල්ස් සහ උගන්ඩාවේ ඇති මුදල් ලංකාවට ගෙනවිත් ජනතාවට සහන සලස්වා, ජනතාව මත ඇති ජීවන බර ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පොල්ගෙඩියක් හෝ ගැනීමට නොහැකි තරම් අපහසුවෙන් ජනතාව සිටින අතර සියලු කාරණා වලට පෙර ජනතාවගේ ජීවන බර සැහැල්ලු කළ යුතුවන බවයි කාරියවසම් මහතා කියාසිටියේ.

ඔහු මේ බව පැවසුවේ අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

අපි දන්නවා මේ රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයෙක් බිහි කරන්නේ හැටනව ලක්ෂයක ජනවරමකුත් ඒ වගේම පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයකුත් දීලා. ලොකු බලාපොරොත්තු ඇතිව මේ රටේ වෙනසක් කළා 2019 – 2020 කියන කාලයේ. නමුත් මේ රටේ ඇතිවෙච්ච කොවිඩ් වසංගතය දීර්ඝකාලයක් රට වසා තැබීම මත මේ රටේ ආදායම් ඉපයීම අහිමි වීමත් කියන කාරණා මත මේ රටේ ආර්ථිකය ඉතාම අපහසු තත්වයකට පත්වෙලා ඒ කාරණ මත තමයි ජනාධිපතිවරයාට සහ අපේ රජයට අතහරින තැනට කරුණු සිදු වුණේ. නමුත් මේ ආර්ථිකය කඩාවැටීමට හේතුව රට වසා තැබීම සහ කොවිඩ් වසංගතයත් මත ඇති වෙච්ච ප්‍රතිපලය කියන කාරණයත්, ඊට කලින් යහපාලන රජය කාලයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා විශාල ණය ප්‍රමාණයක් අරගෙන, ඒ ණය ප්‍රමාණය මත රටේ ආර්ථිකයට දැඩි බරක් කියන කාරණය වසන් කරලා දිගින් දිගටම ජනතාවට කිව්වේ මේ රාජපක්ෂවරු සහ අපේ ආණ්ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරලා සීශේල්ස් වලට යැව්වා, උගණ්ඩාවට යැව්වා කියලා. මේ රටේ තිබෙන විදේශ විනිමය විදේශ රටවලට යවලා ඒ මත මේ රටේ ආර්ථිකය කඩාවැට්ටුවා කියන කාරණය තමයි ජනතාවගේ මනසට ඇතුල් කළේ. මේ තත්ත්වය යටතේ මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මතුරවපු හොරකම, වංචාව කාරණය ඉතා දැඩිව විශ්වාස කළා. ඒ නිසා තමයි පොහොට්ටුවට ඡන්දය දීපූ ජනතාව ඒ ජනතා විමුක්ති පෙරමුණ කිව්ව කතා විශ්වාස කරලා මේ වතාවෙත් බහුතරයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ හිටපු මේ රටට ආදරය කරන , මේ රටේ ජාතිකත්වයට ගරු කරන ඒ ජනතාව තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ. හැබැයි අපි මාලිවේ ඔබ සැමට කියන්න ඕන ඔබතුමන්ලා ජනතාවට කිව්වේ මේ රටේ සල්ලි හොරකම් කරලා , පිටරට යවලා මේ රට කඩාවැටුණා කියලා නම්, දැන් ජනතාව බලාගෙන සිටිනවා එය ඔප්පු කරන්කන්. ඒ නිසා කරුණාකරලා සීශේල්ස් වල නැතිනම් උගණ්ඩාවේ ඒ කිව්ව සල්ලි වහාම ලංකාවට ගෙනල්ලා මේ තිබෙන ණය ගෙවලා ජනතාවට සහන සලස්වන්න.” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...