ජෝන්ස්ටන්ව බලන්න මහින්ද වැලිකඩ ගිහින්!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (25) ගොස් තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබියදී සොයා ගැනුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකරන ලද BMW වර්ගයේ මෝටර් රථයේ සිදුවීමට ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 23 වැනිදා හිටපු අමාත්‍යවරයා පැමිණි අතර අනතුරුව ඔහු අත්අඩංගුවට පත්විය.

ඔහුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

BMW වර්ගයේ මෝටර් රථයේ සිදුවීමට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින කිහිපයක් මඟහරිමින් සිටි ආකාරයක්ද දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...