ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ පෙත්සම ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,කොළඹ (LNW):

අද (25 ) දින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබෙන අතර, ඥානසාර හිමිට නියම වී ඇති සිව් වසරක සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම පෙත්සම ඉදිරිපත් කර ඇත .

එම පෙත්සම අද (25) කැඳවූ අවස්ථාවේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිට තිබෙන අතර, ඒ අනුව අදාළ අභියාචනය ලබන වසරේ අප්‍රේල් මස 03 වනදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...