සාමාන්‍යයෙන් ටොප් ක්ලාස් එකේ ඉන්න ව්‍යවසායකයකුගෙ ඔළුවට එන්නෙ බිලියන ගනන්වල ව්‍යාපාරික සංකල්ප.. මාලු ලෑල්ලක්, පෙට්ටි කඩයක් කරන ක්ෂුද්‍ර ව්‍යාපාරිකයෙකුගෙ ඔළුවට එන්නෙ හැට හැත්තෑ දාහෙ බිස්නස් සංකල්ප..
ඒ වගේම කෘතහස්ත ප්‍රවීන දේශපාලනඥයකුගේ ඔළුවට එන්නෙ රටේ බලශක්තිය වැඩිදියුණු කිරීම, රටම ඒකාබද්ධ කරෙන අධිවේගී මාර්ග පද්ධති නිර්මාණය කරන ආකාරය ගැන සහ රටේ ආර්ථිකය ගෝලීය ආර්ථිකය හා ලිංක් කරන හැටි ගැන වගේ පළල් සංකල්ප..
නමුත් අඳුරේ අත ගාන ගැමි දේශපාලන මනසකට එන්නෙ මහජනයට බස් හෝල්ට් එකක්, ලැට් එකක් හදලා දීම සහ කානුවක් ගොඩදාලා දෙනව වගේ සිල්ලර සංකල්ප ..
කොහොමත් ආරම්භයේ පටන්ම ජ.වි.පෙ.ට තිබ්බෙ හරි කුඩා මනසක්..
මට මතකයි ඒ කාලේ ගම්වල පරණ වලව්වල තිබ්බ ෂොට් ගන් කෑලි එකතුකරලා සන්නද්දධ අරගලයක් කරලා බලය අල්ලන්න ප්ලෑන් කරපු හැටි.. ඇත්තටම එදා ඒ එකතුකරපු හද්ද පරණ ෂොට් ගන් කටුගෙට යවන්ට සුදුසු ඒවා මිසක් යුද්ධෙකට ගන්න තත්වෙක තිබ්බ ඒවා නෙමේ..
කොහොමහරි එදා හොඳවෙලාවට අපිට බලය නොලැබුනේ.. බැරිවෙලාවත් එදාබලය ලැබුන නම් අවුරුදු තුන හතරක් යනකොට ජනතාවට ගස්වල කොලපොතු තමා කන්න වෙන්නෙ..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ

