බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්වෙයි!

Date:

කොළඹ LNW: මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය.

බෝනොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාළ සියලු අමාත්‍යාංශ එක්ව මෙරට බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සඳහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු,තීරණ ගන්නා විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවක් වෙයි.

මෙරට පිළිකා රෝග පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරනලද විශේෂ වාර්ථාව ද මෙහි දී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.

මෙම ජාතික සභාවේ සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය හා ජනනමාධ්‍ය අමාත්‍යවරයා විසින් දරණු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්,විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, අනෙකුත් අමාත්‍යාංශ,දෙපාර්තුමේන්තු සහ ආයතනවල නම්කල නිලධාරීන් මෙහි සාමාජිකත්වය දරනු ලබයි.

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණයකළ අතර වර්තමානය වන විට බෝනොවන රෝග එයට යම් අභියෝගයක් බව ද පැවසීය.

එය පාලනය කිරීම සඳහා රජය සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග දැඩි පරිශ්‍රමයක් ගන්නා බවත් මෙම බෝ නොවන රෝග පිළිබද ජාතික සභාවද එයට මනා පිටුවහලක්වන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

වත්මන් රජයේ ප්‍රතිපත්ති දිශානතියේ තීරණාත්මක අංගයක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබා දී ඊට වැඩි අවධාරණයක් යොමුකර කටයුතු කළයුතු බවද පැවසීය.

ඒ වෙනුවෙන්ම ආරම්භකළ විශේෂ ව්‍යාපෘතියක්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් නිශ්චිත ජනගහනයක් ඉලක්කකර සෞඛ්‍ය සේවාවන් සපයන බවත්, එම මධ්‍යස්ථාන තුළින් මෙරට ජනතාවගේ බෝනොවන රෝග හඳුනා ගැනීමට සහ පාලනයට මහත් රුකුලක්වනු ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වාදෙන ලදී.

බෝනොවන රෝග පාලනයට පසුගිය වසර තුළ සිදුකළ සහමේවන විට සිදු කෙරණ ක්‍රියාකාරකම් සහ වැඩපිළිවෙළ මෙහි දී සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කර ඇති අතර හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළුව බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහි දී දීර්ඝව සාකච්ජාවට භාජනය විය.

ඉදිරියේ දී බෝනොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ හා එක්ව දියත් කළ යුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලසුම් කඩිනමින් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබදවත් මෙහි දී විශේෂ අවධාණය යොමුවිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තුමේන්තුවල නිලධාරීන්,විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, විද්‍යායතන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...