නිශ්මං රණසිංහ ඔක්තෝබර් 25, කොළඹ LNW:
බහරේන් හී පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සිය දෙනාගේ තොරතුරු ඇතුළත් ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිපත් කරන GoodSport ප්‍රකාශනයේ නවතම සංස්කරණය ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් ආචාර්ය හුසේන් අල් මුසල්ලම් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විනෝද් කුමාර් තිවාරි අතට පත් කෙරිණ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් විසින් 2025 ඔක්තෝබර් 24 වන දින බහරේනයේ පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල අතරතුර මෙම ප්‍රකාශනය ඔවුන් වෙත පිළිගැන්වීම සිදු කරන්නට යෙදිණ.
