අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් සහ අලි – මිනිස් ගැටුම අවසම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර්ර ගෙන තිබේ.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සංකල්පයකට අනුව එම වැඩපිළිවෙල සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කින් පවසන්නේ පසුගිය 23 වැනිදා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරසර අමාත්‍යාංශයේදී පැවති සාකච්ජාවේදී උක්ත තීරණය ගත් බවයි.

ඒ අනුව ආරක්ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්යභාරය සමඟ ඒකාබද්ධ කරමින් වන අලි ආරක්ෂාව සහ අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා පවතින වැඩපිළිවෙල තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙහි අරමුණයි.

එම වැඩපිළිවෙලට අනුව ත්‍රිවිධ හමුදාව,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,පශු වෛද්‍ය විශේෂඥයින් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සමීප සහයෝගීතාවක් වර්ධනය කිරීම සඳහාත් යෝජිත වැඩපිළිවෙල යටතේ අවධානය යොමුකරනු ඇති.

මෑතකදී තිරප්පනේ කෑළෑ ප්‍රදේශයේදී අග්බෝ ඇතා සාර්ථකව සොයා ගැනීම ත්‍රිවිධ හමුදාව සහ වනජීවී බලධාරීන් අතර පැවති ඵලදායී සහයෝගීතාවයේ කැපී පෙනෙන අවස්ථාවක් ලෙසද දැක්විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

​ආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල්

කොළඹ LNW:''භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි...

සුව සේවාවට අලුතෙන් 223 දෙනෙකු එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස...

හංගේරියාව සෙලවූ මහා දූෂණ විමර්ශනය: වනාන්තරවල වලදමා තිබූ ඩොලර් මිලියන ගණනක අභිරහස

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: ඝන අන්ධකාරය රජයන රාත්‍රී...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය...