රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :
ශ්රී ලංකාවේ නැගී එන මේස පන්දු ක්රීඩක ටාවි සමරවීර, 2026 ඔක්තෝබර් 21 සිට 24 දක්වා ඉතාලියේ ලිනියානෝ (Lignano) හි පැවති ‘WTT යූත් කොන්ටෙන්ඩර්’ (WTT Youth Contender) තරඟාවලියේදී ජයග්රහණය කරමින්, ජාත්යන්තර තලයේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
වයස අවුරුදු 11න් පහළ පිරිමි කේවල ඉසව්වේ අවසන් තරඟයේදී, හොංකොං (චීනය) නියෝජනය කළ ප්රතිවාදියාට එරෙහිව 3–0ක් ලෙස ඉතා ඉහළ දක්ෂතාවක් පෙන්නුම් කරමින් ජයගත් ටාවි, එම රන් පදක්කම තමන් සතු කර ගත්තේය.
මෙම විශිෂ්ට ජයග්රහණය, 2026 වසරේ ලෝක යොවුන් ශ්රේණිගත කිරීමේ තරඟාවලිවලදී ටාවි දිනාගත් පස්වන රන් පදක්කම වන අතර, ජාත්යන්තර මේස පන්දු ක්රීඩාවේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි තරුණ දක්ෂතා අතරින් අයෙකු ලෙස ඔහුගේ කීර්තිය තවදුරටත් තහවුරු කරයි.
මේ වන විට ඔහු මේස පන්දු ක්රීඩාවේ වයස අවුරුදු 11න් පහළ කාණ්ඩයේ ලෝක ශ්රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පත්ව සිටීම විශේෂත්වයකි.


