රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :
කොළඹ විහාරමහාදේවි උද්යානයේ පැවති, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අඛණ්ඩ සත්යග්රහ ව්යාපාරය තාවකාලිකව අත්හිටුවා ඇති බව පූජ්ය උලපනේ සුමංගල හිමියන් අද (25) ප්රකාශ කළහ.
සත්යග්රහයට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ මාධ්ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, පූජ්ය ඥානසාර හිමියන්ගේ නිදහස ලබා දීම සඳහා ත්රි නිකායික මහානායක හිමිවරුන් මැදිහත් වෙමින් සිටින බවට තොරතුරු ලැබීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම ව්යාපාරය දියත් කර තිබුණි.
මේ අතර, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතා හමුවේ, ශාසනික විනය හා භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය ආරක්ෂා කරගන්නා ලෙස ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා සමස්ත මහා සංඝ රත්නය වෙත කාරුණික දැනුම්දීමක් කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරත හිමි, ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමලාභිධන යන ත්රෛිනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.



