කවුරු ආණ්ඩු හැදුවත් මායි නිමලුයි ඇමතිලා – චාමර සම්පත්

Date:

ඉදිරියේදී කවුරුන් ආණ්ඩු පිහිටුවූවත් තමන් සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ ආණ්ඩුවල ඇමතිකම් දරණ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

එසේම කවුරුන් ආණ්ඩු හැදීමට දැඟළුවත් ඒ කිසිවෙකුට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ලබාගැනීමට නොහැකි යැයි 100%ක් විශ්වාස බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳම අශ්වයින් සිටින්නේ තමන් නියෝජනය කරන පිලේ බව පැවසූ ඒ මහතා අනෙක් පිලේ සිටින්නේ දෙතුන් දෙනෙක් පමණක් බවත් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති ජන හමුවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...