අබාධයක් පුරවන්න ගිය බිනුරත් ආබාධ අතරට,ශ්‍රී ලංකාවට පරාජය

Date:

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු හතක ජයක් හිමි වුණා.තරගය දෙපසට දෝලනය වෙමින් පැවති මොහොතක තෙවන කඩුල්ල බිදී යාමෙන් පසුව පිටියට පිවිසි මාර්ක් ස්ටෝනිස් පන්දු 18 දී ලකුණු 59 ක් නොදැවී ලබා ගනිමින් පන්දු ඕවර් 20 නිමාවීමට පන්දු 21 ක් මෙපිටින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 158 හඹා යාමේදී ග්ලේන් මැක්ස්වල් සහ මාර්ක් ස්ටොනීස් වැනි පිතිකරුවන් ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බලය සංඛේතවත් කරන දඟ පන්දු බල ඇණිය විනාශ කිරීමට පෙර සූදානමක් සහිතව පැමිණි බව සනාත කළා.විශේෂයෙන්ම ලෝකයේම අවධානය දිනාගෙන සිටින වනිඳු හසරංගට එරෙහිව එල්ල කළ විනාශකාරී ප්‍රහාරය නිසා වනිඳුට සිය පන්දු ඕවර් 3 තුළ ඕස්ට්‍රේලියාවට ලකුණු 53 ක් පරිත්‍යාග කරන්නට සිඳු වුණා.

මහේෂ් තීක්ෂණ හොඳින් පන්දු යැවීමේ කටයුතු කළ ද,ස්ටෝනිස් ඔහුගේ අවසාන ඕවරයට දැවන්ත ප්‍රහාරයක් එල්ල කළා.මද හෝ සැළකිල්ලක් දැක් වූයේ වේග පන්දු යවන ලහිරු කුමාරට සහ මඳවේග පන්දු යවන චාමික කරුණාරත්නට පමණයි.කෙසේ නමුත් ආබාධිත ක්‍රීඩකයන්ගේ හිස්තැනක් පියවන්නට කණ්ඩායමට එකතු වූ බිනුර ප්‍රනාන්දු ද මේ තරගයේදී ආබාධයකට ලක් වූ නිසා වේග පන්දුවේ සහයෝගය ශ්‍රී ලංකාවට අහිමි වුණා.ආබාධ මත සිට සුවපත් වූ බිනුර සුවපත් කිරීම ගැන ඇතැම් සමාජ මාධ්‍ය හරහා එම ගෞරවය ලබා ගැනීමට දැන්වීම් පවා පළ වුණත් ඔහු නැවත ආබාධයකට ලක් වුණා.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමේ දි සිය ඉණිම ලකුණු 158 දක්වා රැගෙන ගියා.තරගාවලියේ ලකුණු අතර සිටි කුසල් මෙණ්ඩිස් ලකුණු 5 දැවී ගියත් ආබාධය සුව වී කණ්ඩායමට පැමිණි පැතුම් නිශ්ශංක ලකුණු 45 ක් ලබා ගත්තා.එසේම ඔහු ධනංජය ද සිල්වා (26) සමඟ එක්ව දෙවන කඩුල්ලට ලකුණු 69 සබඳතාවයක් ද පැවත් වූවා.චරිත් හසලංක නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තේ පන්දු 25 ට මුහුණ දෙමින්.ඔහු පන්දු 21 තුළ නොදැවී ලකුණු 37 ක සබඳතාවයක් චාමික කරුණාරත්න සමඟ හත්වන කඩුල්ලට එකතු කළා.චාමික පන්දු 7 දී නොදැවී ලකුණු 14 ක් එකතු කළා.

මෙම තරගයේ දී පූර්ව සැළසුමක් සහිතව ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ප්‍රහාරාත්මකව හැසිරීම මෙන්ම මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු රැකීම පහත වැටී තිබීමත් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට පීඩනයකින් තොරව පිවිසෙන්නට විශාල හේතුවක් වුණා.ශ්‍රී ලංකාව සහභාගි වන ඊළඟ තරඟය ඔක්තෝම්බර් 29 දා සිඩ්නි හී දී නවසීලන්තය සමඟ පැවත්වීමට නියමිතයි


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...