Wednesday, March 22, 2023
spot_img

Latest Posts

වහල මත සවිකරන සූර්යබල පද්ධති සඳහා ලබාදෙන ගාස්තු ඉහළට!

වහල මත සවිකරන සූර්යබල පද්ධති සඳහා ලබා දෙන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) දින නිකුත් කළ ට්විටර් පණිවිඩයකින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මීට පෙර පැවති රු. 22 ක සහ රු. 15.50 ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට, කිලෝවොට් 500 ට අඩු සූර්යබල පද්ධති වෙනුවෙන් රු. 37 ක ස්ථාවර ගාස්තුවක් ද කිලෝවොට් 500 ට වැඩි සූර්යබල පද්ධති වෙනුවෙන් රු. 34.50 ක ස්ථාවර ගාස්තුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

තවද, වහලය මත සවිකරන සූර්යබල පද්ධති සවිකරන්නන් වෙනුවෙන් වසර 20ක් සඳහා මෙම නව ගාස්තු ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම ගාස්තු වාර්ෂිකව මිල සූත්‍රයකට අනුකූලව සංශෝධනය වන බව ද හෙතෙම සිය ට්විටර් පණිවිඩය හරහා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

MIAP

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.