පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් පිරීම නිමිත්තෙන් වීදි සුනඛයන්ට එන්නත්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ගෘහස්ථ හා වීදි සුනඛයන් දහසක් එන්නත් කිරීමේ වැඩසටහනක් එම කොට්ඨාශය දියත් කොට තිබේ.
ඒ යටතේ තලාතුඔය පශු වෛද්‍ය කාර්යාලය සහ අම්පිටිය බස් නැවතුම් පොල අසල එන්නත් කිරීම සිදුවිය. එමෙන්ම මහනුවර නගරය කේන්ද්‍ර කොට පැවැත්වෙන වැඩසටහන යටතේ පිච්චමල්වත්ත සුබ සාධක සමිති ශාලාව, බෝවලවත්ත ප්‍රජා ශාලාව අසලදීද එන්නත් කිරීම සිදුවේ.

අයාලේ යන සුනඛයන් වසරක පමණ කාලයකින් එන්නත් කර නොමැති බවත් ඔවුන්ගේ එන්නත් කිරීමට සමගාමීව නිධන් ගත රෝග පරීක්ෂා කිරීමක් ද සිදුකරන බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ කාංචන ගොඩකුඹුර මහතා පැවසීය.
පොලිස් නිල සුනඛ කොට්ඨාශය මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය සහ මහනුවර මහ නගර සභාවේ පශු වෛද්‍ය ඒකකයේ දායකත්වය මත මෙම වැඩසටහන සංවිධාන විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...