බංගලාදේශයට සහ දකුනු අප්‍රිකාවට හේත්තු වී ලංකාව පියවරක් ඉහළට ඉස්සෙයි

Date:

ලෝක එක්දින කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංගලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 149 ක ජයක් හිමි වුණා.දකුණු අප්‍රිකාව මේ තරගාවලියේ ප්‍රතිවාදීන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාර එල්ල කරන කණ්ඩායම බවට පත්ව සිටින අතර ඊයේ බංගලාදේශයට එරෙහි තරගයේදීත්,ඔවුන් සිය පන්දු ඕවර් 50 නිමා කළේ කඩුලු 5 ලකුණු 382 ක් හැටියටයි.ඒ වෙනුවට බංගලාදේශය රැස් කළේ සියල්ල දැවී ලකුණු 233 ක් පමණයි.

මේ තරගයෙන් අනතුරුව කණ්ඩායම් ලබා ඇති ජයග්‍රහණ සහ ප්‍රසාද ලකුණු අනුව ලකුණු සටහනේ පිළිවෙලත් වෙනස් වුණා.නවසිලන්තය පසු කරමින් දෙවන තැනට එන්නට දකුණු අප්‍රිකාවට හැකි වුණා.ඔවුන් මේ තරගාවලියෙදි ලකුණු රැස් කරන ආකාරය අනුව පළමු තැන අපරාජිත ඉන්දියාව සිටියත් ලකුණු ලබා ගැනීම සමඟ හිමිවන ලකුණු ප්‍රමාණයෙන් ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි.එසේම ලකුණු සටහනේ පහළත් වෙනස් වුණා.මේ දක්වා එම සටහනේ අන්තිම තැන හිටිය එංගලන්තය පසු කරමින් අවසාන තැනට බංගලාදේශය වැටුණා.අන්තිමට උඩින් හිටය ලංකාවටත් මේ නිසා අංක නවයේ සිට අංක අට දක්වා උසස් වෙන්න අවස්ථාව හිමි වුණා.

නවතම ලකුණු සටහන මෙහි දැක්වෙනවා.

https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/points-table-standings

මේ ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හෙට වැදගත් දවසක්.ඒ ශ්‍රී ලංකාවට පියවරක් පසුපසින් සිටින වත්මන් ලෝක සූර එංගලන්තය හමුවන බැවින්.කෙසේ හෝ ශ1ී ලංකාව මේ වන විට ඔවුන් සතුව සිටි විශාල ප්‍රේක්ෂකාගාරය අහිමි කර ගෙන සිටීම කණගාටුවට කරුණක්.මෙහි දැක්වෙන්නේ නෙදර්ලන්ත තරගයේ දී ක්‍රිඩා පිටියේ දර්ශනයක්.ඒ නිසා නැවත දස්කම් අතරට පැමිණ ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර ආශිර්වාදය දිනා ගැනීමේ අභියෝගයක් ද ශ්‍රී ලංකාව ඉදිරියේ මතුව තිබෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...