සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): රටේ බාලවයස්කාර දැරියන් දූෂණයට ලක්වීම ශීඝ්‍රයෙන් ඉහළ යන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසා සිටී.
මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු දූෂණයට ලක්කර ඇති බවත්, ඉන් දැරියන් 22ක් ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඇය වැඩි දුරටත් පැවසුවේ.
“2023.09.01 සිට 2023.09.30 දක්වා මාසයක් ඇතුළත වයස අවුරුදු 16ට අඩු දරුවන් 168 දෙනෙක්ව දූෂණයට ලක්වෙලා තිබෙනවා. ඒ අය අතරින් මේ වනවිටත් දරුවන් 22ක් ගර්භණී බවට පත්වෙලා. අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ.”
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??