ඊශ්‍රායලය ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් අද(26)අලුයම ඉරානයේ හඳුනාගත් හමුදා ඉලක්ක වෙත සෘජු ගුවන් ප්‍රහාර දියත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA සඳහන් කර තිබුණේ, අගනුවර වන ටෙහෙරාන් සහ ඒ ආසන්නයේ කරජ් මෙන්ම නැගෙනහිර නගරය වන මාෂාඩ් වල අවම වශයෙන් පිපිරීම් හතක් වාර්තා වූ බවත්, මේ වන විට රටපුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රිය කර ඇති බවත්, ජීවිත හානි හා දේපල හානි සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බවත්ය.

කෙසේ නමුත්, මේ වන විට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අයත් කිසිදු හමුදා ස්ථානයකට ප්‍රහාර එල්ල වී නොමැති බව වාර්තා වන අතර පසුගිය ඔක්තෝබර් මස 01 වන දා ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් මෙන්ම මේ වසර මුලදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලයේ හඳුනාගනු ලැබූ ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල 180ක් පමණ දියත් කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත්කළ බවයි ඊශ්‍රයල හමුදාව නිවේදන කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...