හිටපු නගරාධිපතිනියකට ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාරට මැතිවරවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්වූ අවස්ථාවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙන බව පැවසේ.

මෙවර මහමැතිවරණයට තරග කරන සිය සැමියා වන උපාලි කොඩිකාර මහතා වෙනුවෙන් ඇය ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ බව සඳහන් වන අතර, ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදී ඇය ඡන්ද ප්‍රචාරණ කටයුතුවල එක්වී සිටිය අවස්ථාවේදීයි අදාළ පහරදීම සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

පසුව, කාන්ති කොඩිකාර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් , සැකකාර පුද්ගලයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර මේ වනවිට ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබෙන බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...