බයිසිකලෙන් ආපු මිනිහා V8 එකෙන් එනවා – දිලිත්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26,කොළඹ (LNW):

අද (26) දින සර්වජන බලයේ දිවුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට දහවල් එක්වෙමින් , ආදර්ශමත් විපක්ෂයක් ලෙස හැසිරෙමින් ජනතාව අපේක්ෂා කරන ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතිය පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“මේ දේශපාලනය. අතීතයේ පැවතුනේ මිනිසුන්ගෙන් කන්න නෙමෙයි. මිනිස්සුන්ට දෙන්න. දැන් මොකක්ද මෑත අතීතයේ වුණේ? පහුගිය දශක දෙකක තුනක කාලේ අහිංසක මිනිස්සු මෙහෙම ගෙනල්ලා දේශන පතබාලා මේ මිනිස්සුන්ගේ වෙලාවත් නාස්ති කරලා මෙන්න පාර්ලිමේන්තු යනවා. බයිසිකලෙන් ආපු මිනිහා V8 එකෙන් එනවා.” 

“මේ ඓතිහාසික ඡන්දයක්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවර තමයි ලංකාවේ විශාලතම විපක්ෂය. 68%ක් ඡන්දය දෙන්න තීරණය කරලා තියන්නේ විපක්ෂයට. ඇයි ඔවුන්ට දුන්නේ 43%යි. ඉතුරු ටික ඔහුට විරුද්ධව දුන්නා. තවත් කොටසක් ගෙදර හිටියා. මේ ටික එකතු කළාම 68%ක්. එතකොට මේ 68% නියෝජනය කරන්නටයි එඩිතර විපක්ෂය අවශ්‍ය.” 

“ආදර්ශමත් විපක්ෂයක් ලෙස හැසිරෙමින් මේ රට අපේක්ෂා කරන ඒ ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතිය. ඒ වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන් ආදර්ශමත් චරිත පාර්ලිමේන්තුවට යා යුතුයි. වෙනදා කියන අහගෙන ඉන්න බැරි කතා වෙනුවට සවන් දෙන්නට පුළුවන් විද්වත් සාකච්ඡා. වැදගත් උපායමාර්ගික වැඩපිළිවෙළවල් සංවාදයට ලක් කරන පාර්ලිමේන්තුවක් හදන්නට ඕනේ.” 

“ඒ තුළින් ඔබට ලැබෙන්නේ කුමක්ද? ඔබ ඒ එඩිතර විපක්ෂය නිර්මාණය කළොත් ඔබ ඊළඟ අවුරුදු පහේ කිසිම හේතුවක් නිසා දුක් විඳින්නට අපි ඉඩ තියන්නේ නෑ.” 

මේ අතර සර්වජන බලයේ අත්තනගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණේද පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...