Louvre Heist Updates : ප්‍රංශයේ දී සිදු වූ ඔටුනු ආභරණ සොරකමේ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගනී!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 26, කොළඹ (LNW): මීට පෙර දිනයක පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ඔටුනු ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයින් මුලින් පැරිසියේ උපනගරයක් වන සේන්-සෙන්ට්-ඩෙනිස්හි අය වූ අතර එක් අයෙකු චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළෙන් ගුවන් යානයකට නැගීමට සූදානම් වෙමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදී.

පසුගිය ඉරිදා මෙම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් මිල කළ නොහැකි වටිනාකමක් ඇති භාණ්ඩ රැසක් කොල්ලකෑ අතර, එහිදී බල මෙවලම් භාවිතා කළ සොරුන් හතර දෙනෙකු මහ දවල් ගොඩනැගිල්ලට කඩා වැදී මෙම සොරකම සිදු කෙරිණි.

ප්‍රංශයේ අධිකරණ අමාත්‍යවරයා එතැන් සිට රටතුළ ආරක්ෂක ප්‍රොටෝකෝල අසාර්ථක බව පිළිගෙන ඇති අතර එමඟින් රටට භයානක ප්‍රතිරූපයක් ඇති විය හැකි බවද අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...