නිශ්මං රණසිංහ ඔක්තෝබර් 26, කොළඹ LNW:
ඉන්දියාවේ රංචි හී පැවත්වෙන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනය නිමාවේ කළාපීය වේගය සම්බන්ධයෙන් කාන්තා සහ පිරිමි යන දෙ‘අංශයෙන්ම ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමට කෙටි ධාවන සූර සූරියෝ සමත්ව සිටිති.චමොද් යෝධසිංහ සහ සෆියා යමික් පළමු දිනයේ කළාපීය වේග කිරුළු දිනා ගැනීමෙන් ඉනික්බිතිව දෙවන දිනයේදී සිය සඟයන් සමඟ එක්ව සහය දිවීමේ කෙටි ධාවන කිරුළ ද ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වූහ.

යෝධසිංහට සහය දිවීමේ රන් පදක්කම සඳහා සඳුන් දියලවත්ත,ඉඳුසර විදූෂ සහ ප්‍රමුදිත සිල්වා දායක වූහ.සෆියා යමීක්,අමාශා ද සිල්වා,ධනංජනා ප්‍රනාන්දු සහ රුමේෂිකා රත්නායක එක්ව කාන්තා මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්හ.ඒ අනුව මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ඉතිහාසයට එක්වන්නේ මීටර් 100 ඉසව්වේ සියළු ගෞරවයන් ශී ලංකාවට අත් කර දුන් තරගාවලියක් හැටියටය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් ඉන්දියාව අභිබවා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම ශ්‍රි ලංකාවට දිනා දීමට කාලිංග කුමාරගේට හැකි විය.මෑත ඉතිහාසයේ කාලිංග හමුවේ ඉන්දියාවට මේ ඉසව්වෙන් වාර ගණනකදී සිය රන් බලාපොරොත්තු ඈත් කර ගන්නට සිදුවීම අරුමයක් නොවන්නේය.ඔහු මෙන්ම තරිඳු දසුන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන දිනයේ රන් පදක්කම් දිනා දෙන්නට සමත් විණි.තරිඳු උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට දිනා දුන් රන් පදක්කමද ගත් විට දෙවන දිනයේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් හතරක් දිනා ගන්නට සමත් වී ඇත.දෙවන දිනය නිමා වන විට මුඵ රන් පදක්කම් ගණන අටකි.

ශ්‍රී ලංකාවට එක් වූ මීටර් 1500 කාන්තා රිදී පදක්කම ද අවධානය යොමු විය යුතුම පදක්කමකි.ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර පදක්කම් ප්‍රමාණයක් ගෙනවිත් ඇති මලල ක්‍රීඩිකාව ඇය විය යුතු තරමට දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් මැදි දුර කේෂ්ත්‍රෙය් ආධිපත්‍යය පතුරුවාගෙන සිටින නිමාලි ලියනාරච්චි දිනා දුන් එම පදක්කම කියා පාන්නේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ කෘතවේදීත්වය හිමිවිය යුතු ජයග්‍රහණයක් බවය.නිමාලි මීටර් 400 සහය දිවීමේ ජාතික වාර්තාවට දායකවීමෙන් නොනැවතී මීටර් 800,මීටර් 1500 සහ මීටර් 3000 බාධක දිවීම ඉසව්වලට ද ජාතික වාර්තා තැබීමට සහය වූ ක්‍රීඩිකාවක්ය.මීටර් 400 කඩුලු මතින් දිවීම ද ඇය ජාතික මට්ටමෙන් ජයග්‍රහණය කර ඇත.එසේම ඇය පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරයකට සහභාගි වූයේ බහරේනයේ පැවති ආසියානු රට හරහා දිවීමේ තරගාවලියටය.මීටර් 5000 මෙන්ම මාර්ත ධාවන තරගවලද සිය කීර්තිය පතුරවමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ අත් කර ගත් නිමාලි රටකට පහළවන දුර්ලභ ගණයේ මලල ක්‍රිඩිකාවක්ය.
රොෂාන් රණතුංග ද උස පැනීමෙන් ජාත්‍යන්තරය නියෝජනය අරඹා පසුව මීටර් 100 කඩුලු පැනීමට පිවිස ජාතික වාර්තාව පවා සිය නමට ලියා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක්ය.ක්‍රීඩාව විෂය වූ උපාධියකටද හිමිකම් කීව ද රොෂාන්ට ඒ අධ්‍යයනය තුළ දී ප්‍රායෝගික ක්‍රීඩාවට ඇති කළ බාධාවන් නිසා එම තත්ත්වය තුළ රැඳෙන්නට අපොහොසත් වුවත් නැවතත් උපාධියෙන් පසුව වැඩ අරඹා ඇති රොෂාන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කඩුලු ඉසව්වේ රිදී පදක්කම්ලාභියා වන්නට සමත් විය.
රුසිරු චතුරංග ද මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිද්දී තෙවන ස්ථානය දිනා ගැනීමට බාධා ඇති කරමින් දිවූ, එම ඉසව්ව තෙවැනියාට නිමා කළ ඉන්දියාවේ සුනිල් දවාර් ට එම ස්ථානය අහිමි කරන්නට තරග තීරකවරුන් එකඟවිය.ඒ නිසා රොජිදීන් මොහොමදුට එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට හැකියාව ලැබිණ.

මිලන්ත සම්පත් දිසානායක ද අපූරු ක්‍රීඩකයෙක්ය.ඔහු පළමුවරට ජාතික මට්ටමෙන් අවධානයට ලක් වන්නේ මීට වසර ගණනාවකට පෙර බදුල්ලේ දී පැවති ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දි දුර පැනීමෙන් දැක් වූ දස්කම් සළකා එම උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා හැටියට පිදුම් ලබද්දීය.ඒ වන විට මිලාන් පොල්පිතිගම පාසලේ සිසුවෙකුව සිටියදී ය.කාලයත් සමඟ ඇති වූ බාධාකාරි තත්ත්වයන් මත දුර පැනීමෙ වෙනුවට මලල ක්‍රීඩාවේ රැඳෙමින් කවපෙත්ත අතට ගත් මිලාන් මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී එහි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය.
මීටර් 100 කඩුලු ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන් ලක්ෂිකා සුගන්ධි මෙන්ම කවපෙත්ත ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දුන් විනෝදනී ලක්මාලි ද මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින දීර්ඝ කාලයක් සිය ජීවිතය මලල ක්‍රීඩාව වෙනුවෙන් දිය කර හරින ක්‍රීඩිකාවන්ය.එවැනිම තවත් ක්‍රීඩිකාවක් වූ නදීශා රාමනායක මෑත කාලයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණවලින් සැරසුව ද,ඊයේ එම අවස්ථාව මීටර් 400 අවසාන තරගයේදී අමිමි විය.අවසාන මොහොත දක්වාම ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනා සමඟ සහ සයුරි මෙණ්ඩිස් සමඟ හොඳ තරගකාරී ධාවනයක යෙදුණ නදීශා ට අවසාන මොහොතේ දී සිව්වැන්නය වී තමාගෙන් පසු පරම්පරාවේ ආධිපත්‍යයට යටත්ව, ලෝකඩ පදක්කම සයුරි මෙණ්ඩිස් ට ලබා දෙන්නට සිඳු විය.

