පෝෂණ විශේෂඥයින් තැති ගන්වමින් සංතෘප්ත මේද වැඩිපුර අහාරයට ගන්නා ලෙස රොබට් එෆ් කෙනඩි ජූනියර් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :පෝෂණ විශේෂඥයින් තැති ගන්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය හා මානව සේවා (HHS) ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර්, ඇමරිකානුවන්ට වැඩිපුර සංතෘප්ත මේද අනුභව කිරීමට දිරිගන්වන මාර්ගෝපදේශ නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

සෑම වසර පහකට වරක් ඇමරිකාවේ ආහාර මාර්ගෝපදේශ උපදේශක කමිටුව (DGAC) නවතම පර්යේෂණ මත පදනම්ව ඇමරිකානුවන් සඳහා ආහාර මාර්ගෝපදේශ වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර සංතෘප්ත මේදය වැඩි වන තරමට, කොලෙස්ටරෝල් ඉහළ යාමේ අවදානම වැඩි වන තරමට, හෘද වාහිනී රෝග ඇති වන බව සාමාන්‍ය පොදු පිළිගනිම හෙයින් පෝෂණ විශේෂඥයින් සඳහන් කරන්නේ, මෙය ස්ථාපිත විද්‍යාවට පටහැනි බවයි.

එන්නත් සංශයවාදියෙකුවන රොබට් එෆ් කෙනඩි ජූනියර් සිය මතවාදයන් හේතුවෙන් අවස්ථා ගණනාවකදී විවේචනයට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...