ලිංගික වෘත්තිය පිළිබඳ නීති පද්ධතීන් අයිතීන් සුරැකෙන පරිදි සකස්කළ යුතුයි!

Date:

ඕවින්දි විෂ්මිකා

ඔක්තෝබර් 26, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා පුළුල් නීති රාමුවක් ස්ථාපිත කරන ලෙස නීති විශේෂඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් රජයෙන් ඉල්ලා තිබේ. මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ රට පුරා ලිංගික ශ්‍රමිකයන් 80,000 කට අධික සංඛ්‍යාවක් ලිංගික වෘත්තියේ නියැලෙන බවයි.

කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ප්‍රජා ශක්ති සංවර්ධන පදනම විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා අවධාරණය කළේ නිසි නීතිමය යාන්ත්‍රණයක් හරහා ලිංගික වෘත්තියේ නියැලෙන්නන් ලියාපදිංචි කර නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවයි.ලිංගික ශ්‍රමිකයන් එනම් කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයම මූලික මානව හිමිකම් සහ සමාජ ගරුත්වයට හිමිකම් ඇති පුරවැසියන් ලෙස පිළිගත යුතු බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

“මෙම ප්‍රජාව දිගින් දිගටම කොන් කිරීම තුළින් ඔවුන්ගේ අයිතීන් හා ජීවත්වීමේ අවදානම තවත් වැඩි කරනවා.” එසේ මහාචාර්ය මහානාමහේවා ප්‍රකාශ කළේ සියලු දෙනාම ඇතුළත් වන පරිදි එම ප්‍රජාවද සාමාන්‍ය පුරවැසියන් ලෙස පිළිගනිමින් ප්‍රතිපත්ති සහ මහජන සෞඛ්‍ය පියවරයන් අනුගමනය කරන ලෙස බලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටිමිනි.

පාසල් තුළ පුළුල් ලිංගික අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කළ අතර පුළුල් සමාජීය සහ සෞඛ්‍ය ආශ්‍රිත අභියෝගවලට මුහුණ දීම සඳහා කුඩා කල සිටම දැනුවත් කළ යුතු බවද ඒ සදහා වගකිවයුතු අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන්ගෙන් ආසන්න වශයෙන් 95% ක් පමණ කොන්ඩම් ඇතුළු ආරක්ෂිත පිළිවෙත් භාවිතා කරන බවත් එමඟින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සැලකිය යුතු ලෙස මට්ටමකට අඩු වී ඇති බවත් එම උත්සවය අමතමින් වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා හෙළි කළේය.

තරුණයින් අතර වඩා හොඳ දැනුවත්භාවයක් සහතික කිරීම සඳහා ඒ ඒ වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනයක් පෙර පාසල් අවධියේ සිටම ආරම්භ කර ඉහළ ශ්‍රේණි දක්වා අඛණ්ඩව පැවතිය යුතු බව ඔහු නැවත අවධාරණය කළේය.

මේ අතර ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්.ඒ. ලක්ෂ්මන් මහතා විසින් කාන්තා ලිංගික ශ්‍රමිකයින් නිතී පද්ධතියට ඇතුළත් කර ගැනීම සහ පිළිගැනීම කෙරෙහි සමාජීය මානසිකත්වයේ වෙනසක් ඉල්ලා සිටියේය. කොන් කිරීම සහ අපකීර්තිය ඔවුන්ගේ සෞඛ්‍ය සේවා, යුක්තිය සහ ආර්ථික අවස්ථා සඳහා ප්‍රවේශ වීමට බාධාවක් වන බව ඔහු අවධාරණය කළේය.

කොළඹ, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක පුරා ලිංගික ශ්‍රමිකයින් 10,000 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසෙන පරිදි දැනට දැනුවත් කිරීමේ සහ සහාය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව ලක්ෂ්මන් මහතා ද සඳහන් කළේය.

ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන් ආරක්ෂා කරන සහ ඔවුන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ සමාජයේ සමාන සහභාගීත්වය සහතික කරන පැහැදිලි නීති නිර්මාණය කිරීම සඳහා ප්‍රමුඛතාවය දෙන ලෙස උත්සවයේ නීතිඥයින් සාමූහිකව රජයෙන් ඉල්ලා සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...