රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී, දළ වශයෙන් රුපියල් මිලියන 51ක් වටිනා ‘කුෂ්’ (Kush) මත්ද්රව්ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වියට්නාම් ගුවන් සේවයට (Vietnam Airlines) අයත් ගුවන් යානයකින් අද (26) අලුයම දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගත් බව ශ්රී ලංකා රේගුව පවසයි.
ඔහුගේ ගමන් මලුවල තිබී සොයාගත් මෙම මත්ද්රව්ය තොගයේ බර කිලෝග්රෑම් 5යි ග්රෑම් 100ක් වේ.
සැකකරු සහ අදාළ මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.


