ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා ශාඛා සමිති සියයට හැටක් හදා අවසන් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානද සියයට පනහක්ද පිහිටුවා අවසන් බව ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

මෙහිදී ලබන වසර ආරම්භ වන විට ඉතිරි ශාඛා සමිති ඉතිරි සියයට හතළිහද පිහිටුවා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.තවද ඊළඟ වර්ෂයේ මැද වනවිට කොට්ඨාස රැස්වීම් 4000ක්ද පවත්වා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...