බාල බොරතෙල් ජාවාරම නොසැලී ඉදිරියට !

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා නොගැලපෙන බාල බොරතෙල් ආනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවත් කිහිපයක් ඔස්සේම අනාවරණය කළෙමු.

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන්නේ ඔක්ටේන් අගය 90ක් වන පෙට්‍රල් වන අතර පෙරකී බොරතෙල් පිරිපහදු කළ විට ලැබෙන්නේ ඔක්ටේන් අගය 82 ටත් අඩු පෙට්‍රල් ය. එමෙන්ම එම බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලැබෙන දැවිතෙල් කැළණිතිස්ස විදුලි බලාගාරය සඳහා භාවිතා කළ නොහැකි මට්ටමේ බාල ඒවා බවත් වාර්තා විය.

එවන් වූ බාල බොරතෙල් ජාවාරම මේ වනවිට නැවත වතාවක් ක්‍රියාත්මක වන බව තෙල් සංස්ථා ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව රුසියාවේ සිට එවන් බාල බොරතෙල් රැගත් නෞකාවක් මේ වනවිට ශ්‍රී ලංකාව කරා පැමිණෙමින් තිබෙන බව ආරංචිමාර්ග පැවසීය. එම නෞකාව මේ වනවිට මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේ පවතින බව සඳහන්.

මෙම බාල බොරතෙල් ජාවාරම මෙරට ප්‍රබලතම දේශපාලන පවුලක අනුසහින් ක්‍රියාත්මක වන්නක් වන අතර ඒ ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් ගසාකෑමක් සිදුවෙමින් පවතී.

බොරතෙල් නොමැති වීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වනවිට නැවතී ඇති අතර එය යළිත් සක්‍රිය කිරීමට යන්නේ පෙර වතාවේ මෙන්ම බාල බොරතෙල් යොදාගෙන ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...