මහවැලියේ වන වගා ව්‍යාපෘතියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහවැලි අධිකාරිය විසින්, එම ව්‍යාපාරයට අයත් මහ වැව් ඇළවේලි වාරි මාර්ගවල රක්ෂිත ඉතා ශීඝ්‍රයෙන් අත්පත් කර ගැනීම නවතා රක්ෂිත මායිම් කොට ඒවායේ වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.

මෙම ව්‍යාතියට අනුව කණ්ඩලම ජලාශය, ඉබ්බංකටුව දඹුලු ඔය ජලාශය සහ අනෙකුත් මහවැලි ජලාශ රැසක වන වගා ව්‍යාපෘතිය පසුගියදා පරිසර සංවිධාන, දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, ජනමාධ්‍යවේදී සංවිධාන ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක් එක්ව දඹුල්ල ඉබ්බන්කටුව ජලාශ ඉස්මත්තේදී ආරම්භ කෙරුණු අතර , සංවිධානාත්මක කණ්ඩායම් ඉබ්බංකටුව ජලාශයේ මේ වන විටත් ජලය පිරී ඇති ඉඩම් පවා අත්පත් කර ගැනීමට වැටවල් ගසා ඇති බව බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසීය.

මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජලාශවලට ඇති රක්ෂිත විනාශ වී ජලාශ ද ගොඩ වීමේ බරපතළ අවදානමක් පවතින බව නවරත්න මහතා සඳහන් කළේය.

තව දුරටත් ඒ මහතා පැවසූවේ, ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ සහයෝගය, ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගෙන මතු පරපුරට වැව් රක්ෂිත ආරක්ෂා කර තැබීම වැව්වල ආරක්ෂාව තහවුරු කිරීම් සඳහා මෙම වන වගාව ක්‍රියාත්මක කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...