ගුරු – විදුහල්පති විරෝධතාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

පසුගිය 24 වන දා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පැවති ගුරු – විදුහල්පති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලබා තිබුණි.

ඒ අනුව විරෝධතාවය අතර තුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගුරු – විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී මෙම සිදුවීම සිදුව ඇති බව එහි තව දුරටත් දක්වා ඇත.

තවද, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කණගාටුව පළ කළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...