කොළඹ LNW:පලස්තීනයේ නිදහස පතා අද (26) පස්වරුවේ YOUTH FOR CHANGE සංවිධානය විසින් ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
නිර්මාණාත්මක ශෛලියකට සංවිධානය කර තිබුණු මෙම විරෝධතාවයට කලා අංග කිහිපයක් එකතු කර තිබුණි.
ප්රවීණ චිත්ර ශිල්පී සුජිත් රත්නායක විසින් පලස්තීනයේ නිදහස පතා සිය ප්රකාශනය චිත්රයකින් ප්රකාශයට පත්කළ අතර තවත් පිරිසක් සංගීතයයෙන් හා ගායනයෙන් සිය දායකත්වය දක්වන ලදී.
විරෝධතාකරුවන් සහ පොලීසිය අතර අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක්ද ඇති වූ අතර විරෝධය අවසන් වනතෙක් පොලීසිය ඔවුන් වටකරගෙන සිටි ආකාරයද දක්නට ලැබුණි.
පැයක පමණ කාලයක් මෙම විරෝධය පැවැත්වුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න.