මැතිවරණයට තව දින 8යි; මුස්ලිම් හා අරාබි ජන්ද දායකයන් ට්‍රම්ප් සමඟ එක්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය සහ ගාසා තීරය සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය ගැන කලකිරීමට හා කෝපයටපත් මුස්ලිම් හා අරාබි ජන්ද දායකයන් ඊයේ(26)දිනයේදී, මිචිගන් හි පැවති ප්‍රචාරක රැලියකදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක් ව ඇති බව වාර්තා වේ.

මෙහිදී ට්‍රම්ප් සාම අපේක්ෂකයා වශයෙන් හැඳින්වූ ඉමාම් බෙලාල් අල්සුහයිරි ඇතුළු මිචිගන්හි මුස්ලිම් ප්‍රජාවේ ප්‍රමුඛ නායකයන් වැඩි දුරටත් මෙහිදී සඳහන් කර තිබුණේ, මැද පෙරදිග හා යුක්රේන යුද්ධය නිමා කරන බවට ට්‍රම්ප් ලබා දුන් පොරොන්දුව අනුව මුස්ලිම්වරුන් වශයෙන් අපි, ජනාධිපති ට්‍රම්ප් සමග හිටගන්නේ ඔහු සාමය පොරොන්දු වන නිසා වන බවත්, ඔහු පොරොන්දු වන්නේ සාමය මිස යුද්ධය නොවන නිසා වන බවත්ය.

මෙහිදී සිය අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණේ, ජනධිපති ජෝ බයිඩන් හා කමලා හැරිස්ගේ පරිපාලනය ඊශ්‍රායලය විවේචනය කිරීම හෝ රටට ආයුධ නැව්ගත කිරීම නැවැත්වීම සලකා බැලීම බොහෝ දුරට ප්‍රතික්ෂේප කර ඇති බවත්, මේ වන විට යුදෙව්වන්, කතෝලිකයින්, ඉවැන්ජලිස්තවරුන්, මෝමන්වරුන්, මුස්ලිම්වරුන් වෙන කවරදාටත් වඩා විශාල සංඛ්‍යාවක් අපගේ ව්‍යාපාරයට එක්වෙමින් සිටින අතර දැන් අපූරුම දෙය සිදුවෙමින් පවතින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...