තවත් ඊශ්‍රායල් රැකියා වංචාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW :

ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ පොලිස් ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තාවේ. මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ රියැදුරකු විසින් වංචාව කරගෙන ගොස් ඇති බව හෙළිව තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකද අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (27) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර කළ බව පැවසේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා සිදුකල මහාපරිමාණ වංචාවක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි රැසක් ලැබි තිබු අතර ඒ සම්බන්ධයෙන් කාර්යාංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් මෙහෙවා ඇති බව වාර්තා වේ.

කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් වහාම මේ සම්බන්ධව කටයුතු කරන ලෙස පොලිස් ඒකකකය වෙත උපදෙස් ලබා දී තිබූ අතර, පසුගිය (25) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී , ඒ අනුව අදාළ මුදල් බැර කළ බැංකු ගිණුම් හිමි කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

අදාල රියදුරු මේ වන විට විමර්ශ නිලධාරීන් මඟ හරිමින් සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවන බව පැවසේ.

සැකකාර රියදුරට එරෙහිව මේ වන විට කාර්යාංශයට පැමිණිලි අටක් ලැබී ඇති අතර රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.

එම පැමිණිලිවලට අනුව ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් රැස්කර තිබෙනවා.

එහිදි එම රියදුරා විසින් වංචාකර ලබාගත් මුදල්, අත්අඩංගුවට ගත් කාන්තාවගේ ගිණුමට බැර කර ඇති බව විමර්ශනවලදී හෙළි වෙයි.

මේ සිද්ධියට අදාලව වංචාවන්ට හසුවු පුද්ගලයන් සිටිනම් වහාම කාර්යාංශයට දන්වන ලෙස ඉල්ලා සිටින අතර 1989 දුරකථනයට ඒ බව දැනුම් දිය හැකියි.

මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (26) දින අවිස්සාවේල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වේ.

කාර්යාංශයේ නම භාවිතා කරමින් සිදුකරණ විදේශ රැකියා වංචාවන් නීතියේ රැහනට හසුකර ගැනිම සදහා පුලුල් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, විදේශ රැකියා වංචාවන්ට හසුවන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩිදඩුවම් ලබා දිමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කාර්යාංශයේ පිහිටවන ලද නව පොලිස් ඒකකය මගින් මේවන විට විදේශ රැකියා වංචාවන් රැසක් හෙලිකරගෙන ඇති අතර ඉදිරියේදි ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට කටයුතු යොදා ඇති බවද ඔහු පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...