විශ්‍රාමික ෆලයිට් සාජන් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW :

වයස අවු. 44ක් පමණ වන පුද්ගලයකු, දොම්පේ පොලිස් වසමේ නාගහදෙණිය, පාළුගම, දොම්පේ ස්ථානයේ දී කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 196, ග්‍රැම් 218 ක් සිය භාරයට ගත් බවයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක් වන දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය සඳහන් කළේ, , අත්අඩංගුවට ගත් පුද්ගලයා මහා පරීමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරවෙකු වන හා මෙරට තුල විවිධ ප්‍රදේශයන් වලට මත්ද්‍රව්‍ය බෙදා හරිමින් දැනට අධිකරණය මගහැර වරෙන්තු ලබා මෙරට සැඟව සිටින සෙම්බුකුට්ටි ආරච්චිගේ ඩිලාන් දනුෂ්ක ලක්මාල් නැමැත්තාගේ මස්සිනා වන බවයි .

මෙම සැකකරු ශ්‍රී ලංකා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ෆලයිට් සාජන්වරයෙකු ලෙස සේවය කර 2022 ජනවාරි මස විශ්‍රාම ලබා ගෙන ඇති පුද්ගලයෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දොම්පේ පොලිසිය විසින් සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...