දේශපාලනික පත්වීම් ලබපු ඉහළ පුටු නෙවෙයි පොලීසියේ ඉන්න අවංක නිලධාරීන් රැකගන්න ඕනේ – නාමල්

Date:

කොළඹ LNW:දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පොලීසියේ ඉහළ පුටුවල වාඩි කරන ලද ඇතැම් නිලධාරීන් මෙන් නොව පොලීසියේ අවංක නිලධාරීන් සිටින අතර ඔවුන්ව ආරක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව සමයේද දේශපාලනික වශයෙන් නාරාහේන්පිට OIC මෙහෙයවීමට උත්සහ කරන විට ඔහු එයට විරුද්ධ වූ ආකාරය දැකගැනීමට තිබුණු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”පොලීසියේ අවංක නිලධාරීන් ඉන්නවා. ඒ අවංක නිලධාරීන් ආරක්ෂා කරන්න ඕනේ. අපි දැක්කා පහුගිය යහපාලන ආණ්ඩු වෙලාවේ නාරාහේන්පිට OIC ව දේශපාලනික වශයෙන් මෙහෙයවන්න උත්සහ කරන කොට ඔහු එයට විරුද්ධව යනවා. අපි දැක්කා වර්තමානයේ නාවික හමුදාපතිවරයාව අත්අඩංගුවට අරගෙන නඩුව අහන්න උත්සහ කරන කොට කළුතර හිටපු OIC මහත්තයා පොලීසියේ ආණ්ඩුවේ වුවමනාවට හැසිරෙන්නේ නැතුව අවංකව හිඳගන්නවා. ඒ වගේම මේ රටේ පොලීසිය ඇතුළේ අවංක දක්ෂ නිලධාරීන් ඉන්නවා. හැබැයි තමන්ගේ දේශපාලන වුවමනාවෙන් ගෙනල්ලා ඉහළ පුටුවල වාඩිකරපු නිලධාරීන්, දේශපාලන වේදිකාවේ ඉහළ තනතුරුවලට වාඩි කරපු සමහරු ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ට කරන්න පොලීසිය පාවිච්චි කරන්න ගිහිල්ලා අපේ හාමුදුරුවනේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව වගේම පොලිස් නිලධාරියාගේ ගෞරවය කෙළෙසනවා. එක පැත්තකින් වරායෙන් කන්ටේනර් පන්නනවා. අද වෙනකම් ආණ්ඩුවට හොයා ගන්න බැහැයි කියනවා කවුද කන්ටේනර් පැන්නුවේ කියල. තාම හොයනවලු. තමන්ගේ වරායෙන් පන්නපු කන්ටේනර් ගැන හොයාගන්න බැරිනම් එතනින් එහාට මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන තව මොනවද අපේ හාමුදුරුවනේ කතා කරන්න තියෙන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...