නිශ්මං රණසිංහ ඔක්තෝබර් 27, කොළඹ LNW:
අප කවුරුත් මේ දිනවල ආඩම්බරයෙන් කතා කරන්නේ ඉන්දියාවේ රන්චි හී පැවති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය ගැනය.ක්‍රීඩකයින් දුන් වීසි කර දකුණු ආසියාවේම අවධානයට වීරත්වයට පත්ව සිටින මොහොතකි.ඒ ගෞරවය යා යුතු වන්නේ මහත් දුෂ්කරතා සහිතව පුහුණුවීම් කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණු කළ පුහුණුකරුවන්ටය.
මේ තරගාවලියට සහභාගිවීමට හැකි වේද නැද්ද යන්න උභතෝටිකයේ පසු වූ බොහෝ දෙනෙකි.ඒ වීසා ගැටළුව නිසාය.වරින්වර වීසා පැමිණියේ ඒ ද නො ඒ ද කියා කියන්නට බැරි ලෙසය.ඒ තරම් මානසික පීඩාවකින් පෙළෙමින් සිට ඉන්දියාවට ගොස් ඒ සියල්ල පාලනය කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගත් පදක්කම් රත්තරන්වලටත් වඩා වටිනේය.
ඒත් සෙවිය යුතු කාරණයක් ඇත.අමාත්‍යංශය මලල ක්‍රීඩාවේ පරිපාලනය කරන්නෝය.නිලවරණයත් නොපවත්වා මෙහි පාලනය අමාත්‍යංශය යටතේ තබා ගෙන සිටියදී වීසා ගැටළුවක් ආවේ කෙසේද?අමාත්‍යංශය ඊට පිළිතුරු දිය යුතුව ඇත.අමාත්‍යංශය මේ වීසා ලබා දීම සෘජුව සිඳු කළේ ද නැද්ද යන්න පැහැදිළි කළ යුතුය.එසේ නොමැතිව කුමන හෝ සමාගමකට හෝ පුද්ගලයෙකුට වීසා සැකසීම භාර දුන්නේ ද යන්න සොයා බැලිය යුතුය.
අමාත්‍යංශය වීසා සැකසීම භාර ගතතේ නැත්නම් එය ද වරදකි.සමහර විට අතේ වියදමෙන් යන නිලධාරීන්ට වීසා සඳහා අමාත්‍යංශය ලිපියක් ලබා දීම ප්‍රමාණවත්ය.එසේ නොමැතිව තරගාවලියට සහභාගි වන ක්‍රිඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට වීසා සකස් කර දීම මලල ක්‍රීඩා පරිපාලනයේ වගකීම සහ යුතුකමය.ඒ නිසා ඒ වගකීම සහ යුතුකම පැවරෙන්නේ මේ මොහොතේදී ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යංශයටය.
කෙසේ වුව මේ වීසා ගැටළුව නිසා තරගාවලියට සහභාගි නොවන්නේ මිටර් 5000 ඉසව්ව නියෝජනය කරන්නට සිටි චාමිනි හේරත් පමණි.එම ඉසව්වේ ප්‍රතිපල ලේඛණය මෙහි ඇත.එහි DNS ලෙස ඇත්තේ ඇය ඉසව්ව ආරම්භ කිරීමට නෙැපැමිණි බැවිනි.සහභාගි නොවූයේ ඇය තරගයට එක්වීමට ප්‍රමාණවත් කාලයක් ඇතුව වීසා නොලැබීම නිසාය.චාමිනි එහිදී පදක්කමක් දිනා ගනීවිද නැද්ද යන්න ගැන අපි කිසිත් නොකියන්නෙමු.හැබැයි ඇයට අත හැරුනේ ශ්‍රී ලංකාවේදී එම ඉසව්ව තුළ ලබා ගන්නට නොහැකි අන්දමේ අත්දැකීමක්ය.එම ඉසව්ව ජයගත් සංජනා සිං දක්ෂතම ක්‍රීඩිකාව වීමෙන් එම තරගය ක්‍රියාත්මක වූ වේගය ගැන ඔබට පැහැදිළි අවබෝධයක් ලැබෙනවා ඇත.
මේ වීසා ගැටළුව ඇති වූයේ කෙසේද?එය නිවැරදිව ඉටු කිරීම පැහැර හැරිය පුද්ගලයෙක් හෝ ආයතනයක් වේ නම් ඔහුගෙන් යම් අය කර ගැනීමක් කරන්නේ ද යන්න පිළිබඳව අප විමසිල්ලෙන් බලා සිටිමු.


