බහරේනයෙනුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තවත් පදක්කම් දෙකක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 27,  කොළඹ LNW:

ඉන්දියාවේ රංචි හී දී දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නිමා වන දවසේම බහරේනයේදීත් ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් නිමාවට පත් වුණා.එහිදි මේ වන විට ශ්‍රී ලංකාව දිනා ඇති පදක්කම් ප්‍රමාණයට මලල ක්‍රීඩාව හරහා තවත් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි වුණා.


මේ වන විට රන් පදක්කමක්,රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා 21 වන තැන සිටින ශ්‍රී ලංකාවේ පදක්කම්වලින් එක් ලෝකඩ පදක්කමක් හැරෙන්නට අන් සියළුම පදක්කම් මලල ක්‍රීඩාවට අයත් ඒවා යි.


ඊයේ මලල ක්‍රීඩාවට එකතු වූ රිදී පදක්කම දිනා දුන්නේ ශ්‍රී ලංකා මෙඩ්ලි සහය ඉසව්ව නියෝජනය කළ බාලක කණ්ඩායමයි.ඒ සඳහා බිඟුමිණ ආදිත්‍ය, චමිඳු සත්සර, නිරුදක විශාල් සහ ශනුක කොස්තා සහභාගි වුණා.


ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටින ලාබාල දුර පැනීමේ සූරිය දිල්නි නෙත්සලා රාජපක්ෂ, ඇයගේ දුර පැනීමේ ඉසව්වේදී විශ්වාස කළ අන්දමේ දක්ෂතා නොපෙන්වුව ද,තුන් පිම්ම ඉසව්වෙන් දස්කම් දක්වමින් මීටර් 12.31 ක දක්ෂතාවයක් දක්වා ලෝකඩ පදක්කම දිනා ගත්තා.ඇයගේ පිමි හයෙන් පහක්ම මීටර් 12 ඉක්මවා යාම කැපී පෙණුන අතර එසේ නොවුණ සිව්වන පිම්මේ දී ඇය මීටර් 11.93 ක දක්ෂතාවයක් වාර්තා කරනු ලැබුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...