සාලිය පීරිස්ගෙන් පොලීසියට දොස්!

Date:

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලීසිය විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඔහු පවසන්නේ අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතු බවයි.

සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නය කිරීම, ඔවුන් සිදු කරන ප්‍රකාශ සහ එම විඩියෝ ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාව පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට කිසිදු වාසියක් නොමැති අතර එවැනි බොළඳ ක්‍රියා මගින් පොලීසියේ කීර්තිනාමයට හානි වන බවත්, එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිලිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන දෙන බවයි සාලිය පීරිස් මහතා පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...