වැලිගම ඝාතනයේ සැකකරුගේ වීඩියෝ මුදාහැරීම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්!

Date:

කොළඹ LNW:ඊයේ (26) දින අත්ඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරුගේ වීඩියෝ මාධ්‍යට නිකුත් කිරීම ජාත්‍යන්තර වශ්‍යයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්‍ය , නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබා දී ඇති නිර්දේශ අනුවත් අපරාධ විධිවිධාන සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන අනුවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත යුතු ආකාරය දක්වා ඇති බවයි මහානාමහේවා මහතා සඳහන් කරන්නේ.

”අපි දකිනවා විදේශ ඉදන් ගේන අය පවා වීඩියෝකර සමාජ මාධ්‍ය තුළට දානවා. යම්කිසි සැකකරුවෙකු අතඩංගුවට ගත්තාම ළඟම පොලීසියට භාරදෙන්න ඕන. මෙහෙම ප්‍රශ්න අහලා වීඩියෝ ගන්න එක නඩුවටත් බලපානවා. අන්තර් ජාතික මානව හිමිකම් එකේ නිර්දේශ තියෙනවා. පොලීසියට මනා පුහුණුවීමක් දෙන්න. මේක දැන් ජාත්‍යන්තරයට ගිහින්. ජාත්‍යන්තර නීතිඥයින් මේ ගැන අහනවා. ඊයේ දින අතඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න අහන වීඩියෝ මාධ්‍යට නිකුත් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. තව දැක්කා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රථයක් හබාගෙන යනවා. විමර්ශනයට බාධා වෙන වැඩ මේවා. මහජනතාවටත් කියනවා මේවා වීඩියෝ කරන්න එපා විමර්ශනයට බාධාවක්. වීඩියෝ කරන ඒවා පොලීසියට භාරදෙන්න.” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...