සටහන – රුවන් නෙළුගොල්ල
කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 වැනි අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.
අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය ඔක්තෝබර් 09 වනදා සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත භාරදී තිබිණි.
කෙසේවෙතත් එහි තිබුණු නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් එම යෝජනාව සංශෝධනය කළයුතු බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් සඳහන් කර තිබිණි.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් පදනම් කරගනිමින් සකස් කර ඇති එම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇති බව සඳහන්.


